Cricket NewsCricket World CupEXCLUSIVEInternational

T 20 ලෝක කුසලානයට වැස්සෙන් බාධා වීමට හැකි නිසා අයිසීසීය දැඩි ගැටළුවක.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාල සීමාවේදී කොදෙව් දූපත් ආශ්‍රිතව වර්ෂාව ඇඳහැළීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් අවසන් පූර්ව තරගයන්ටද වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත්, ඊට අතිරේක දිනයන් ලබාදීමේ හැකියාව පිළිබඳ අයි.සී.සී.යට ගැටළුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇත.

ඒ දෙවැනි අවසන් පූර්ව තරගයත්, අවසන් මහා තරගයත් අතර ඇත්තේ එක් දිනයක් පමණක් වීමයි.

මෙහි පළමු අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජුනි 26 වැනිදා ට්‍රිනිඩෑඩ්හිදීය. (එය මෙරට වේලාවෙන් පැවැත්වෙන්නේ ඊට පසුදින පෙ.ව. 6.00ට).

යම් හෙයකින් මෙම තරගයට වර්ෂාව ඇඳ හැළුණහොත් ජූනි 27වැනිදා අතිරේක දිනයක් ලෙස නම්කර ඇත.
නමුත් මෙහි ගැටළුව ඇති වන්නේ ගයනාවේදී පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයටයි.

මෙය ජූනි 27 වැනිදා (ශ්‍රී ලංකා වේලාවෙන් එදිනම ප.ව. 8.30ට) පැවැත්වීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ඊට පසුදිනය (ජූනි 28) අතිරේක දිනයක් වෙන්කිරීමේ හැකියාවක් අයි.සී.සී.යට නොමැත.

ඒ අවසන් මහා තරගය ජුනි 29 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින්, ජූනි 28 දිනය සංචාරක දිනය ලෙස වෙන්කර තිබීමයි.

මේ හේතුවෙන් විසදුමක් සහිත අවසානයක් වෙනුවෙන් අයි.සී.සී.ය ලබාදී ඇති එකම විකල්පය වී ඇත්තේ, තරගය කෙසේ හෝ එදිනම අවසන් කිරීම සඳහා අතිරේක විනාඩි 250ක කාලයක් ලබා දීමයි.

අයි.සී.සී.ය විසින් අලුතින්ම හඳන්වාදුන් නීතිය අනුව එක් ඉනිමක් මිනිත්තු 70ක් තුළ පවත්වා අවසන් කළ යුතුව ඇති අතර, සමස්ත තරගයක් පැය. 2යි මිනිත්තු 30කින් අවසන් කළ යුතුව ඇත.

මේ අනුව දෙවැනි අවසන් පූර්ව තරගයට වර්ෂාව ඇඳහැළුහොත්, විනිසුරුවන්ට පැය අටක් පමණ රැඳී සිටීමට සිදුවනු ඇත.

එසේ වුවහොත් මෙම තරගය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දීර්ඝතම විස්සයි20 තරගයද වනු ඇත.

මේ දක්වා ක්‍රිකට් පිටියේ වාර්තා වී ඇති දීර්ඝම විස්සයි20 තරගය පැවැත්වී ඇත්තේ ඉන්දියාව හා ඇෆ්ගනිතානය අතරයි.

ඒ මෙම වසරේ ජනවාරි මාසයේ ඉන්දියාවේ පැවැති තරග තුනකින් යුත් තරගාවලියේ තෙවැනි තරගයයි.

සුපිරි පන්දුවාර දෙකක් අන්තර්ගත වූ එම තරගය අවසන් කිරීම සඳහා පැය තුනක කාලයක් ගතවී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button