Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියා-පාකි­ස්තාන තර­ග­යට ඇමරිකානු ජනාධිපතිට ලබා­දෙන ආර­ක්ෂාව හා සමාන ආරක්ෂාවක් ලබා දී තිබේ

නිව්යෝර්ක් නුවර පෙරේදා පැවැති ඉන්දියා-පාකි­ස්තාන තර­ග­යට අමෙ­රි­කානු ජනා­ධි­පති ජෝ බයි­ඩන් මහ­තාට ලබා­දෙන ආර­ක්ෂාව හා සමාන දැඩි රුක­වල් යොදා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිව්යෝර්ක් නග­රයේ පම­ණක් නොව එක්සත් ජන­පද දේශ­සීමා ඔස්සේද ඔත්තු බැලීම වැඩි කොට ඇත.

අහස උසට ප්‍රවේ­ශ­පත්‍ර මිල ගණන් තිබි­ය­දීත්, ආධා­ර­ක­රු­වන් නස්සාවූ ක්‍රිකට් පිටියේ ආසන 30,000 පිරී ගොස් තිබිණි. නස්සාවූ ප්‍රාන්ත පොලි­සිය ඉල්ලා දැනුම්දී ඇත්තේ අමෙ­රිකා ජනා­ධි­ප­ති­ව­රයා වෙනු­වෙන් ලබා­දෙන ආර­ක්ෂාව හා සමාන ලෙස ආර­ක්ෂක පිය­වර ගෙන ඇති බවයි. ක්‍රීඩාං­ග­ණ­යට ඇතුළු වන මාර්ගය සහ මුළු ක්‍රීඩා ප්‍රේක්ෂ­කා­ගාර කැම­රා­ව­ලින් ආව­ර­ණය කර ඇත. මෙම තර­ග­යෙන් ලකුණු 6ක ජයක් හිමි කර ගැනී­මට ඉන්දීය කණ්ඩා­යම සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button