Cricket NewsEXCLUSIVEIPLPremier League

‘ඔවුන්ට තේරෙන්නේ ලාභ අලාභ විතරයි’ – රාහුල්ට බැණවැදුණු ව්‍යාපාරිකයාට ෂෙවාග්ගෙන් ප්‍රබල පහරක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින කණ්ඩායමක හිමිකරුවෙකු අවම වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 400ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1444ක්) ලාභයක් උපයන බව හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් පවසයි. පසුගියදා ක්‍රීඩා පිටියට පැමිණ ලක්නව් සුපර් ජයන්ට්ස් හිමිකරු සංජිව් ගොඑන්කා විසින් එම කණ්ඩායමේ නායක කේඑල් රාහුල්ට බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසතුට පළ කළ ෂෙවාග් මේ බව ඉන්දීය මාධ්‍ය වෙත පැවසීය.

“ඇතැම් ව්‍යාපාරිකයන්ට ක්‍රිකට් තේරෙන්නේ නෑ. ඔවුන්ට තේරෙන්නේ ලාභ අලාභ විතරයි. ඒත් ඒ කාටවත් පාඩුවක් නෑ. ඔවුන් අයිපීඑල් තරගාවලියකින් කෝටි 400ක ලාභයක් උපයනවා. මේක මොකුත් කරන්න ඕන නැති බිස්නස් එකක්” හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා පැවසීය.

ලක්නව් සුපර් ජයන්ට්ස් හිමිකරු ගොඑන්කා නායක කේඑල් රාහුල්ට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ වාර්තා රැසක් මතු වෙමින් පවතී. ඒ අතර දරුණුතම ප්‍රකාශය කර ඇත්තේ විරේන්ද්‍ර ෂෙවාග් විසිනි.

“කණ්ඩායමේ අයිතිකරුගේ කාර්යභාරය විය යුත්තේ ක්‍රීඩා විවේකාගාරයේදී ක්‍රීඩකයන් මුණගැසෙන විට ඔවුන් සමඟ කතා කිරීමයි. කළ යුත්තේ ඔවුන්ව දිරිගැන්වීම පමණයි. ඒත් අයිතිකාරයා ඇවිත් ඇහුවොත් මොකද වෙන්නේ? ප්‍රශ්නය කුමක්ද? එහෙම නැත්නම් කණ්ඩායම් කළමනාකාරීත්වයේ එක් සාමාජිකයකු සමඟ සම්බන්ධවී ප්‍රශ්න කිරීමට පටන් ගත්තොත් ඒක අවුල් සහගත දෙයක්. පුහුණුකරුවන් සහ නායකයා කණ්ඩායම මෙහෙයවන ආකාරය බලා සිටීම හැර ක්‍රීඩකයන් සමඟ හිමිකරුවන් සම්බන්ධ නොවී සිටීම හොඳයි” ෂෙවාග් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button