Cricket NewsEXCLUSIVEIPLPremier League

ක්‍රීඩ­ක­යන්ගේ පෞද්ග­ලි­ක­ත්වය උල්ලං­ඝ­නය කරන්න එපා – රෝහිත් Star Sports ආයතනයට බැන වදී.

මුම්බායි ඉන්දි­යන්ස් හිටපු නායක රෝහිත් ෂර්මා ඉන්දීය ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ නිල විකා­ශන ආය­ත­නය වන ස්ටාර් ස්පෝර්ට්ස් ක්‍රීඩ­ක­යන්ගේ පෞද්ග­ලි­ක­ත්වය උල්ලං­ඝ­නය කරන බවට චෝදනා කරයි.

තම නිහ­ත­මානී ඉල්ලීම නොතකා එම විකා­ශන ආය­ත­නය ක්‍රීඩ­ක­යන් සමඟ සිදු කළ පෞද්ග­ලික සංවා­ද­වල වීඩියෝ දර්ශන ප්‍රචා­රය කළ බව රෝහිත් ෂර්මාගේ චෝද­නාව වේ. ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට පෞද්ග­ලි­ක­ත්ව­යක් ඇති බවට සිතා සාමාන්‍ය බුද්ධිය භාවිත කරන ලෙස ඉන්දීය නාය­කයා ස්ටාර් ස්පෝර්ට්ස් කාර්ය මණ්ඩ­ල­යට උප­දෙස් දුන්නේය. රෝහිත් පව­සන්නේ ජන­ප්‍රි­ය­ත්වය හා සමාජ මාධ්‍ය­වල ඔවුන්ගේ අන්ත­ර්ජාල පිටු ප්‍රව­ර්ධ­නය කිරීමේ අර­මු­ණින් මෙය සිදු කරන බවයි.

ස්ටාර් ස්පෝර්ට්ස්ව­ලට බැණ වදි­මින් රෝහිත් පැව­සුවේ, “ක්‍රිකට් ක්‍රීඩ­ක­යින් පුහු­ණු­වීම් අත­ර­තුර කණ්ඩා­යම් සග­යන් සමඟ සිදු­ක­රන සෑම සංවා­ද­යක්ම කැමරා ශිල්පීන් දැන් පටි­ගත කර­නවා. මගේ සංවා­දය පටි­ගත කරන්න එපා කියලා ස්ටාර් ස්පෝර්ට්ස් ආය­ත­න­යට කිව්වත් ඔවුන් එය පටි­ගත කර ප්‍රචා­රය කළා. එය පෞද්ග­ලි­ක­ත්වය උල්ලං­ඝ­නය කිරී­මක්” යනු­වෙනි.

පසු­ගි­යදා රෝහිත් කල්කටා නයිට් රයි­ඩර්ස් සහය පුහු­ණු­කරු අභි­ෂේක් නායර් සමඟ කළ සංවා­දය සමාජ මාධ්‍ය තුළ වේග­යෙන් ප්‍රචා­රය විය. එසේම, එයට දින කිහි­ප­ය­කට පෙර ධවාල් කුල්කර්නි සමඟ කළ සංවා­දය ද පටි­ගත කර ඇත. එම අව­ස්ථාවේ රෝහිත් කැමරා ශිල්පි­යා­ගෙන් ඉල්ලී­මක් කළේ එය මකා දමන ලෙසයි.

මුම්බායි පිල මෙවර අයි­පී­එල් තර­ගා­ව­ලියේ අව­සන් ස්ථාන­යට පත්වූ අතර, රෝහිත් ලබන වාර­යේදී එයින් ඉවත්ව යනු ඇති බවට රාව­යක් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button