Cricket NewsEXCLUSIVELPLPremier League

‘දඹුල්ල තන්ඩර්ස්’ හිමි­කාර බ්‍රිතාන්‍ය ජාති­කයා රිමාන්ඩ් – දඹුල්ල කණ්ඩායම ඉවතට

ලංකා ප්‍රිමි­යර් ලීග් (එල් පී එල්)  2024 ක්‍රිකට් වෙන්දේ­සි­යේදී තරග පාවා­දී­මට ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට යෝජනා කළැයි ක්‍රීඩා­ව­ලට සම්බන්ධ වැරදි වැළැ­ක්වීමේ විශේෂ විම­ර්ශන ඒක­කය අත්අ­ඩං­ගු­ව­ට­ගත් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩා­යමේ හිමි­කරු බ්‍රිතාන්‍ය පුර­වැ­සි­භා­වය හිමි බංග්ලා­දේශ ජාතික තමීම් රහ­මන් නමැත්තා ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් හර්ෂණ කැකු­ණා­වල මහතා ඊයේ (22) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලැබුවේ විශේෂ පන­තක් මගින් බවත් විම­ර්ශන තව­මත් අව­සන්ව නොමැති බවත් ක්‍රීඩා­ව­ලට සම්බන්ධ වැරදි වැළැ­ක්වීමේ විශේෂ විම­ර්ශන ඒක­කය ඉදි­රි­පත් කළ කරුණු සැල­කි­ල්ලට ගත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය නිකුත් කළේය.

පැමි­ණිල්ල වෙනු­වෙන් නීති­ප­ති­ව­රයා නියෝ­ජ­නය කර­මින් රජයේ නිතීඥ උදාර කරු­ණා­ති­ලක මහතා සමඟ ක්‍රීඩා­ව­ලට සම්බන්ධ වැරදි  වැළැ­ක්වීමේ විශේෂ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සුපුල් විදා­නගේ, පොලිස් පරී­ක්ෂක රන්දිල් සංජීව සහ පොලිස් පරී­ක්ෂක වෙද­සිංහ යන නිල­ධා­රිහු අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යහ.

රජයේ නිතීඥ උදාර කරු­ණා­ති­ලක මහතා අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­පත් කර­මින් සඳ­හන් කර සිටියේ,  මෙම තැනැත්තා සම්බ­න්ධ­යෙන් පෙරේදා (21) දින­යේදී අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර විදෙස් ගමන් තහ­නම් කිරීමේ නියෝ­ග­යක් ලබා ගත් බවය. ඒ අනුව ඊයේ (22) පෙර­වරු 10ට පමණ මෙර­ටින් පිට­වී­මට සූදා­න­මින් කටු­නා­යක ජාත්‍ය­න්තර ගුවන් තොටු­ප­ළට ගොස් සිටි­යදී මොහු අත්අ­ඩං­ගු­වට ගත් බව ද රජයේ නිතීඥ කරු­ණා­ති­ලක මහතා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මීට අමතරව වහාම ක්‍රියාත්මක වන පරිදි සහභාගී වන කණ්ඩායම් පහෙන් එකක් වන දඹුල්ල තන්ඩර්ස් සමඟ ගිවිසුම් අවසන් කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button