Cricket GossipCricket KnowledgeCricket NewsEXCLUSIVE

ගොඩක් අය කිව්වා දුවත් තාත්තා වගේම පන්දු රැකීමෙන් ඉහළ දස්කම් දක්වයි කියලා. එහෙම ප්‍රතිචාර ලැබෙනකොට ගොඩක් සතුටුයි – තම දියණිය ගැන කියු දිල්ශාන්

“එයා ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් තවම අවුරුදු 3 ක් වගේ. ඒත් ඒ අවුරුදු 3 ට මම එයාගේ ලොකු දියුණුවක් දැක්කා. ඕස්ටේ්‍රලියාවේ ප්‍රීමියර් තරගාවලියකට ක්‍රීඩා කරපු ලාබාලම ක්‍රීඩිකාව වෙන්න එයාට පුළුවන් වුණා. එයා ඕස්ටේ්‍රලියාවෙදි දිගින් දිගටම දක්වපු දස්කම් නිසා තමයි ශ්‍රී ලංකා අන්තර් පළාත් අවුරුදු 23 න් පහළ තරගාවලියට එයාව තේරුණේ.”

“වික්ටෝරියා ප්‍රාන්ත අවුරුදු 16 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරනකොට එයාට වයස 12 යි. ක්‍රීඩා කරපු පළමු තරගයේ පළවෙනි ඕවරයෙදිම කඩුල්ලක් දවාගන්න එයා සමත් වුණා. වික්ටෝරියා කණ්ඩායම නියෝජනය කරලා දක්වපු දක්ෂතා නිසා එයාව මෙල්බර්න් ක්‍රීඩා සමාජයට තෝරගත්තා. මෙල්බර්න් ක්‍රීඩා සමාජය නියෝජනය කරපු පළමු යොවුන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගයකදී එයා කඩුලු ත්‍රිත්වයක් දවාගත්තා.” යැයි ඩිල්ෂාන් කීය.

“අන්තර් පළාත් තරගාවලියට සූදානම් වෙන්න එයා ද්‍රවිඩ සංගම් ක්‍රීඩාංගණයේ මාස 3 ක් එක දිගට පුහුණුවීම් කළා. මොකද මෙය ක්‍රීඩාංගණයි, ඕස්ටේ්‍රලියාවෙ ක්‍රීඩාංගණයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා. තාම එයා ක්‍රීඩා කළේ එක තරගයක් විතරයි. ඒ තරගයෙදි එයා රැකගත්ත උඩ පන්දුවක ඡායාරූපයක් සමාජ මාධ්‍යවල වයිරල් වෙලා තියෙනවා මම දැක්කා.“

“ඒක දැකපු ගොඩක් අය කිව්වා දුවත් තාත්තා වගේම පන්දු රැකීමෙන් ඉහළ දස්කම් දක්වයි කියලා. එහෙම ප්‍රතිචාර ලැබෙනකොට ගොඩක් සතුටුයි. මේ තරම් අඩු වයසකින් ඒ වගේ ප්‍රතිචාර ලැබෙන්නෙ එයාගේ මහන්සියෙ ප්‍රතිඵල නිසයි. එයාගෙ පුහුණුකරු විදියට හැම වෙලාවෙම මම එයත් එක්ක මගේ අත්දැකීම් බෙදා හදා ගන්නවා. පිට්ටනියට ගිහාම ඒක එයාට ලොකු වාසියක් වෙයි කියලා මට හිතෙනවා.” යැයිද ඩිල්ෂාන් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button