Cricket NewsEXCLUSIVEInternationalUnder-19
බංග්ලාදේශ යොවුන් පිල ලබන මස මෙරට සංචාරයක

බංග්ලාදේශ අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් කණ්ඩායම තරග 6කින් සමන්විත යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා ලබන මස අගදී මෙරටට පැමිණීමට නියමිතය.
මේ එක්දින තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ඉන් පෙර සංචාරක කණ්ඩායම අප්‍රේල් මස 24 වැනිදා පුහුණු තරගයකට එක්වීමට නියමිතය. අනතුරුව අප්‍රේල් 26 වැනිදා එක්දින තරගාවලිය ආරම්භ වන අතර, අප්‍රේල් 28 දෙවැනි තරගයත්, මැයි 1, 3, 6 සහ 8 දිනවල ඉතිරි තරග 4ත් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1