Cricket NewsEXCLUSIVEInternational

මෙවර විස්සයි20 ලෝක කුසලානයට කණ්ඩායම් 5කින් ඉන්දියානුවො 21ක් සහභාගී වේ.

අමෙරිකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ඉන්දීය කණ්ඩායමේ හැර වෙනත් විදේශීය කණ්ඩායම් 5ක ඉන්දියානු ක්‍රීඩකයන් 21ක් ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.

සත්කාරක අමෙරිකානු කණ්ඩායමේ පමණක් ඉන්දීය ක්‍රීඩකයන් 8ක් ක්‍රීඩා කරන අතර, එහි නායක මොනාක් පටෙල් ද ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජීවත් වූ අයෙකි. මුම්බායි උපත ලද හර්මීට් සිං, නවදිල්ලියේ උපත ලද මිලින්ද් කුමාර්, අහමදාබාද්හි උපත ලද නිසාග් පටෙල් මෙන්ම ඉන්දීය සම්භවයක් ඇති ජෙසි සිං, නිතේෂ් කුමාර්, ප්‍රදීප් කෙන්ජිගී හා සෞරාබ් නෙට්රාවල්කර් ලෝක කුසලාන තරගාවලියේදී අමෙරිකානු ක්‍රිකට් පිල නියෝජනය කරනු ලබති.

මෙයින් නායක මොනාක් පටෙල් ගුජරාට් ප්‍රාන්තයේ 18න් පහළ හා 16න් පහළ කණ්ඩායම් නියෝජනය කර ඇති අතර, හර්මීට් සිං 2013දී ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් රාජස්තාන් රෝයල් පිලට එක් වූවේය. මිලින්ද් කුමාර් දිල්ලි අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට හා සෞරාබ් නෙට්රාවල්කර් 2010 වසරේ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කේල් රාහුල් හා මයනාක් අගාර්වෙල් සමඟ ඉන්දීය පිලට ක්‍රීඩා කර ඇත.

මෙවර විස්සයි20 ලෝක කුසලානයට එක්ව සිටින කැනඩා පිලේ ඉන්දීය ක්‍රීඩකයන් 7ක් සිටින අතර, ඕමානයට ක්‍රීඩකයන් 4ක් ක්‍රීඩා කරති. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කේෂව් මහාරාජ් සහ නවසීලන්ත කණ්ඩායමේ රචින් රවීන්ද්‍ර යන දෙදෙනා ද ඉන්දීය සම්භවයක් ඇති ක්‍රීඩකයන් වේ.‍

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button