Cricket NewsEXCLUSIVEInternational

මොහොමඩ් රිස්වාන්ගෙ සමරු අත්සනක් නිසා පාකිස්තානය කැලඹෙයි

අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය අතරතුරදී පාකිස්තානයේ සිරගතකර සිටින ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා සකස් කළ පෝස්ටරයකට මොහොමඩ් රිස්වාන් අත්සන් තැබීමත් සමඟ පාකිස්තානය පුරා විශාල ආන්දෝලනයක් මතුව තිබේ.

ඩබ්ලින්හි පැවති පාකිස්තාන – අයර්ලන්ත දෙවැනි විස්සයි20 තරගය අතරතුර හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටියදී රිස්වාන් අසලට රසිකයෙක් පැමිණ පෝස්ටරයක්දී අත්සන ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. මොහොමඩ් රිස්වාන් කිසිදු පැකිළීමකින් තොරව හතරේ සීමාව අසල සිටගෙනම ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා සකස් කළ පෝස්ටරයට අත්සන් තැබීය.

‘ඉම්රාන් ඛාන් නිදහස් කරන්න’ යනුවෙන් එම පෝස්ටරයේ සඳහන්වූ අතර, එම සිදුවීම මතභේදයට තුඩු දී තිබේ. බොහෝ දෙනෙකු පවසන්නේ මොහොමඩ් රිස්වාන් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයට බිය නොවී ස්වාධීන අදහස් ප්‍රකාශ කළ බවය.

1992 දී ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේ පාකිස්තානය පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් අතර පසුව ඔහු පාකිස්තානයේ අගමැති බවට පත්විය. කෙසේ වෙතත් ඉම්රාන් ඛාන්ට එරෙහි චෝදනා නඟා පාකිස්ථානයේ විශේෂ අධිකරණය ඔහුට වසර 10ක සිරදඬුවම් නියම කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button