Cricket NewsEXCLUSIVEInternational

ලෝක කුස­ලාන තරග කාල­ස­ට­හනෙන් ආසි­යා­වට වන අසා­ධා­ර­ණය ගැන අයි­සී­සී­යට පැමිණිළි – දෙවැනි අව­සන් පූර්ව තර­ග­යට අති­රේක දින­යක් නෑ

බට­හිර ඉන්දීය කොදෙව් සහ අමෙ­රි­කා­වේදී තවත් සති දෙක­කින් ආරම්භ වීමට නිය­මිත විස්සයි20 ලෝක කුස­ලාන තරග කාල­ස­ට­හනේ අව­සන් පූර්ව තරග අමෙ­රිකා වේලාව අනුව සැල­සුම් කිරී­මෙන් ආසි­යා­තික රට­ව­ලට බල­වත් අසා­ධා­ර­ණ­යක් සිදු වන බව අයි­සී­සී­යට පැමි­ණිලි ලැබෙ­මින් පව­තියි.

ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ පළමු අව­සන් පූර්ව තර­ගය අමෙ­රිකා වේලා­වට අනුව ජුනි 26 වැනිදා රාත්‍රී 8.30ට ට්‍රිනි­ඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වෙන අතර දෙවැනි අව­සන් පූර්ව තර­ගය අමෙ­රි­කා­වට අනුව 27 වැනිදා පෙර­වරු 10.30ට ගයානා ප්‍රොවි­ඩන්ස් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

මේ තරග දෙක අමෙ­රි­කා­වට අනුව එසේ වුවද, ඉන්දි­යාවේ හා ශ්‍රී ලංකාවේ වේලාව අනුව ජුනි 27 වැනිදා පෙර­වරු 6 හා රාත්‍රී 8 වේ. එනම් අමෙ­රි­කා­වට දින දෙකක් වුවද ඉන්දි­යාව, ශ්‍රී ලංකාව, පාකි­ස්තා­නය හා බංග්ලා­දේ­ශය වැනි ප්‍රධාන පෙළේ ටෙස්ට් ක්‍රිකට් රට­ව­ලට එක දින­යකි.

27 වැනිදා පෙර­ව­රුවේ පැවැ­ත්වෙන පළමු අව­සන් පූර්ව තර­ග­යට වර්ෂා­වෙන් බාධා ඇති­වු­ව­හොත් අයි­සී­සීය අම­තර දින­යක් ලබාදී ඇත. බර­ප­ත­ළම ප්‍රශ්නය මතුව ඇත්තේ 27 දා රාත්‍රියේ පැවැ­ත්වෙන දෙවැනි අව­සන් පූර්ව තර­ග­යට අති­රේක දින­යක් වෙන් නොකි­රී­මය.

දෙවැනි අව­සන් පූර්ව තර­ගය හා අව­සන් මහා තර­ගය අතර පැය 24ක කාල­යක් පම­ණක් පව­තින හෙයින් වර්ෂා­වෙන් දිග්ගැ­සෙන තර­ගයේ ජය­ග්‍රා­හ­ක­යන්ට අව­සන් මහා තර­ග­යට යෑමේදී විවේ­ක­යක් නැත. මේ අසා­ධා­ර­ණය සම්බ­න්ධ­යෙන් රට­වල් කිහි­ප­යක් අයි­සී­සීයේ අව­ධා­නය යොමු කළද මෙතෙක් යහ­පත් ප්‍රති­චා­ර­යක් ලැබී නැත.

දෙවැනි අව­සන් පූර්ව තර­ගය පැවැ­ත්වෙන 27 දා රාත්‍රියේ වර්ෂාව ඇති වුව­හොත් අති­රේක දිනය වෙනු­වට අම­ත­රව තවත් විනාඩි 250ක් (පැය 4යි මිනිත්තු 16ක්) පම­ණක් නියම කර ඇත. දෙවැනි අව­සන් පූර්ව තර­ගය පැවැ­ත්වෙන දින­යේදී වර්ෂාව ඇද­හැලී තර­ගය දිග්ගැ­ස්සු­ණ­හොත් විස්සයි20 තර­ගය අව­සන් කිරී­මට ක්‍රීඩ­ක­යන්ට හා විනි­සු­රු­වන්ට පැය අටක් පමණ රැදී සිටිය යුතු වේ.

ජූනි 28 දා එම ජය­ග්‍රාහී ක්‍රීඩ­කයෝ ගයානා සිට කිලෝ­මී­ටර් 1000ක් පමණ දුරින් ඇති බාබ­ඩෝස් වෙත යායුතු අතර, එය පැය දෙක තුනක පමණ ගුවන් ගම­නකි. පැය 24කට අඩු කාල­ය­කදී එම කණ්ඩා­යම පිටි­යට පිවි­සීම අනි­වාර්ය බැවින්, පැය දෙක තුනක ගුවන් ගම­නක් දෙවැනි අව­සන් පූර්ව ජය­ග්‍රා­හ­ක­යන්ට හැසි­ර­වීම විශාල කර­ද­ර­යකි. ඔවුන් ජුනි 29 වැනිදා ශ්‍රී ලංකා වේලා­වෙන් රාත්‍රී 8ට අව­සන් මහා තර­ගය උදෙසා පිටි­යට පිවි­සිය යුතු වන්නේ මේ තත්ත්වය අනුව වෙහෙ­ස­කර තත්ත්ව­ය­කිනි.

මෙවර ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ අව­සන් පූර්ව වටයේ සහ අව­සන් මහා තර­ගයේ ජය­ග්‍රා­හ­ක­යකු ප්‍රකාශ කිරීම සඳහා හඹා­යන කණ්ඩා­යම අවම වශ­යෙන් ඕවර 10ක් ක්‍රීඩා කිරීම අවශ්‍ය වේ. කණ්ඩා­යම් 20ක් කාණ්ඩ හත­ර­කට බෙදා ඇති අතර ඉන්දි­යාව ‘ඒ’ කාණ්ඩ­යට ඇතු­ළත්ව සිටින අතර, ප්‍රති­වාදී පාකි­ස්තා­නය, කැන­ඩාව, අය­ර්ල­න්තය සහ සත්කා­රක අමෙ­රිකා එක්සත් ජන­ප­දය ද ඇතු­ළත් වේ. ඉන්දි­යාව මෙවර තර­ගා­ව­ලියේ දෙවැනි අව­සන් පූර්ව තර­ග­යට පැමිණේ යැයි බොහෝ දෙනකු උප­ක­ල්ප­නය කරන බැවින් අයි­සී­සී­යට අම­තර පීඩ­න­යක් එල්ල වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button