අයිපීඑල් වෙන්දේසියේදී කෝටියකට අලෙවි වූ බෙවන් ජාකොබ් ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි20 සංචිතයට එක්කර ගනි.
අයිපීඑල් වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 30කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.3කට) මිල දී ගත් ප්‍රහාරාත්මක පිතිකරු බෙවන් ජාකොබ් ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත විස්සයි20 ක්‍රිකට් සංචිතයට එක්කර ගනියි. තවමත් විස්සයි20 ජාත්‍යන්තර තරගයකට එක්ව නොමැති නවසීලන්ත ප්‍රහාරාත්මක පිතිකරු බෙවන් ජාකොබ් ඊයේ ශ්‍රී ලංකාවට එරෙහි පෙරහුරු තරගයේදී නවසීලන්ත පිල වෙනුවෙන් පන්දු 16කදී හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සමඟ ලකුණු 39ක් රැස් කළේය.
22 හැවිරිදි බෙවන් ජාකොබ් නවසීලන්තයේ පැවති දේශීය විස්සයි20 තරගාවලිය වන සුපර් ස්මෑෂ් තරගාවලියේදී වැඩි අවධානයක් දිනා ගනිමින් කැන්ටබරි කිංග්ස් පිල වෙනුවෙන් ඉනිම් 6 කදී ලකුණු 134ක් ලබා ප්‍රහාරාත්මක වේගය 188.73ක් ලෙස රඳවා ගත්තේය. ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි20 තරගාවලියේදී ඔහු වරම් දිනා ගතහොත් නවසීලන්තයේ 104 වැනි විස්සයි20 ක්‍රීඩකයා බවට පත්වනු ඇත.
ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ මස 28 වැනි සෙනසුරාදා ආරම්භවන අතර, දෙවැනි හා තෙවැනි විස්සයි20 තරග මේ 30 වැනිදා හා ජනවාරි 2 වැනිදා පැවැත්වීමට නියමිතය. තරග 3කින් සමන්විත එක්දින තරගාවලි ජනවාරි 6 වැනිදා ආරම්භ වේ. මිචෙල් සැන්ට්නර් නායකත්වය දරන මේ සංචිතයට මයිකල් බ්‍රේස්වෙල්, මාර්ක් චැප්මන්, ජේකබ් ඩෆී, සැක් ෆවුල්ක්ස්, මිච්ල් හේ, මැට් හෙන්රි, බෙවන් ජේකබ්ස්, ඩැරල් මිචෙල්, ග්ලෙන් ෆිලිප්ස්, රචින් රවීන්ද්‍ර, ටිම් රොබින්සන්, නේතන් ස්මිත් ඇතුළත්ව සිටිති.