Cricket NewsEXCLUSIVE

ඉන්දීය ලෝක කුසලානයේ කඩුලු රකින්නා කවුරුන්ද ? සැම්සන් රාහුල් අභිබවා යන ලකුණු !

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය සඳහා වන ඉන්දීය සංචිතයේ නිත්‍ය කඩුලුරකින්නා කවුරුන්ද යන්න ලොව පුරාවටම කතා බහට ලක්වන කරුණක්.

රිශාබ් පාන්ට් ආබාධයෙන් පසු යලිත් පැමිණ දක්වන දස්කම් හමුවේ පළමු කඩුලු රකින්නාගේ හිස්තැන වෙත නියත වශයෙන්ම ඔහු කැඳවනු ඇත.

දෙවන කඩුලු රකින්නාගේ හිස්තැන වෙනුවෙන් සංජු සැම්සන් හා ලෝකේෂ් රාහුල් අතර ගැටුමක් නිර්මාණය වී තිබේ.

තරඟාවලියේ මේ දක්වා දැක්වූ දස්කම් හමුවේ සංජු සැම්සන් ලෝකේෂ් රාහුල් අභිබවා රැඳී සිටී.

ලකුණු ලබාගැනීමේ ප්‍රහාරාත්මක වේගය අතින් ගත්කල සැම්සන් රාහුල් අභිබවා තිබෙන අතර සැම්සන්ට මැද පෙල පිතිකරුවෙකු ලෙසින්ද කණ්ඩායමට ඉහළ දායකත්වයක් දැක්වීමට හැකියාවක් තිබේ.

කෙසේ නමුත් ඉකුත් ලෝක කුසලානයේදී ද ඉන්දීය කණ්ඩායමේ ආරම්භ පිතිකරුවා ලෙසින් කටයුතු කලේ ලෝකේෂ් රාහුල් ය.

මෙය මේ වසරේදී වෙනස් වීමට ඉතා ඉහළ ඉඩක් පවතින අතර රෝහිත් ශර්මා හා විරාට් කෝලි ඉනිම ඇරඹීමට ඉතා ඉහළ ඉඩක් පවතින බවයි වාර්ථා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button