Cricket NewsEXCLUSIVEInternational

කොදෙව් ‘ඒ’ කන්ඩායම නේපාලයට එරෙහිව පරාජයට පත්වෙයි.

T20 ක්‍රිකට් එක්ක කොදෙව් ක්‍රිකට් වලට තියෙන්නේ අමුතුම බැඳීමක්…!

ලොව පුරා T20 ලීග් පිටියේ කොදෙව්වන් නැති ලීග් එකක් නම් ඒක හරියට පරිප්පු නැති හෝටලේ වගේ,
ඒ තරමටම කොදෙව්වන් මේ තරග රටාවට දක්ෂයි.

ඔන්න හැබැයි අද කොදෙව් ‘ඒ’ කන්ඩායම නේපාලයට එරෙහිව පැරදිලා…
ආ කමක් නැ… ‘ ඒ ‘ ටීම් එකක්නේ කියලා හිත හදාගන්න බැ… ඔය කොදෙව් පිලේ 11 දෙනාම ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන අය. ඔය අය අතරේ ජොනතන් චාල්ස් , ඇන්ඩ්‍රි ෆ්ලෙචර් වගේ අයත් හිටියා..

මුලින්ම පන්දුවට පහර දීපු කොදෙව්වෝ පන්දුවාර 20ට ලකුණු 204ක් කඩුලු 5ක් දැවි ලබා ගන්නවා.
නායක රොස්ටන් චේස් ලකුණු 74ක් පන්දු 46කදි රැස් කරනවා.

ඉතිං ලකුණු 205ක දැවැන්ත ඉලක්කයක් හඹාගෙන ගියපු නේපාලය කඩුලු 6කට ලකුණු 206ක් ලබාගෙන තරගයේ ජය ගන්නවා. නායක Rohit Paudel පන්දු 54කදි ලකුණු 112ක් ලබා ගනිමින් අගනා ශතකයක් රැස් කරනවා.

ඉතිං නේපාලය කියන්නෙත් තනි තනියම ගත්තහම ලොකු ලොකු නම් නැති වුනාට කන්ඩායමක් විදිහට එකට එකතු වුනාම දැවැන්ත කන්ඩායම් උනත් පරාජය කරලා දාන්න පුළුවන් හැගීමක් තියෙන කන්ඩායමක්…

මේ දේවල් මතක් කරේ අපිට මේ පාර විස්සයි විස්ස ලෝක කුසලානයේ පලමු වටයේදී නේපාලයත් මුණ ගැහෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button