Cricket NewsEXCLUSIVE

කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සිය ශතකය කැප කල ඇලෙක්ස් කේරී !

නවසීලන්ත ඔස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ දෙවැනි ටෙස්ට් තරඟයත් ජයගනිමින් තරඟාවලි ජයත් ලබන්නට ඔස්‍ට්‍රේලියානුවන් සමත් වූයේ සිව්වැනි ඉනිමේදී ඇලෙක්ස් කෙරී දියත් කල සටන් කාමී ඉනිම හේතුවෙන් .

ලකුණු 279 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානුවන් ලකුණු 80 ක් තුල කඩුලු 5 ක් දැවී අසීරු මොහොතක සිටි අවධියකදී කෙරී මාශ් සමඟින් එක්ව ලකුණු 140 ක සබඳතාවයක් ගොඩනැගූ අතර කෙරී ලකුණු 98 ක් නොදැවී ලබා සිටියදී තරඟය ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් හමාර කරේ හතරේ පහරක් එල්ලකරමින්.

තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමෙන් අනතුරුව කෙරී කියා සිටියේ තමන් ශතකය අහිමිවිම ගැන තැකීමක් නොකරන බවත් යලිත් ප්‍රහාරක අන්තයට නොයාම පිළිබඳව සතුටු වන බවත් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button