ක්‍රීඩකයන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන්න එපා – රෝහිත් Star Sports ආයතනයට බැන වදී.
මුම්බායි ඉන්දියන්ස් හිටපු නායක රෝහිත් ෂර්මා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල විකාශන ආයතනය වන ස්ටාර් ස්පෝර්ට්ස් ක්‍රීඩකයන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන බවට චෝදනා කරයි.
තම නිහතමානී ඉල්ලීම නොතකා එම විකාශන ආයතනය ක්‍රීඩකයන් සමඟ සිදු කළ පෞද්ගලික සංවාදවල වීඩියෝ දර්ශන ප්‍රචාරය කළ බව රෝහිත් ෂර්මාගේ චෝදනාව වේ. ක්‍රිකට් ක්‍රීඩකයන්ට පෞද්ගලිකත්වයක් ඇති බවට සිතා සාමාන්‍ය බුද්ධිය භාවිත කරන ලෙස ඉන්දීය නායකයා ස්ටාර් ස්පෝර්ට්ස් කාර්ය මණ්ඩලයට උපදෙස් දුන්නේය. රෝහිත් පවසන්නේ ජනප්‍රියත්වය හා සමාජ මාධ්‍යවල ඔවුන්ගේ අන්තර්ජාල පිටු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙය සිදු කරන බවයි.
ස්ටාර් ස්පෝර්ට්ස්වලට බැණ වදිමින් රෝහිත් පැවසුවේ, “ක්‍රිකට් ක්‍රීඩකයින් පුහුණුවීම් අතරතුර කණ්ඩායම් සගයන් සමඟ සිදුකරන සෑම සංවාදයක්ම කැමරා ශිල්පීන් දැන් පටිගත කරනවා. මගේ සංවාදය පටිගත කරන්න එපා කියලා ස්ටාර් ස්පෝර්ට්ස් ආයතනයට කිව්වත් ඔවුන් එය පටිගත කර ප්‍රචාරය කළා. එය පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක්” යනුවෙනි.
පසුගියදා රෝහිත් කල්කටා නයිට් රයිඩර්ස් සහය පුහුණුකරු අභිෂේක් නායර් සමඟ කළ සංවාදය සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ප්‍රචාරය විය. එසේම, එයට දින කිහිපයකට පෙර ධවාල් කුල්කර්නි සමඟ කළ සංවාදය ද පටිගත කර ඇත. එම අවස්ථාවේ රෝහිත් කැමරා ශිල්පියාගෙන් ඉල්ලීමක් කළේ එය මකා දමන ලෙසයි.
මුම්බායි පිල මෙවර අයිපීඑල් තරගාවලියේ අවසන් ස්ථානයට පත්වූ අතර, රෝහිත් ලබන වාරයේදී එයින් ඉවත්ව යනු ඇති බවට රාවයක් පවතී.