Cricket NewsEXCLUSIVEInternational

චමරි ප්‍රමුඛ කාන්තා ක්‍රීඩිකාවන්ට කෝටි එකහමාරක බෝනස් ද සමග වැටුප් වැඩි කරයි !

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලබා ඇති ප්‍රගතිය හේතුවෙන් එම ක්‍රීඩිකාවන් දිරිගැන්වීම උදෙසා රුපියල් කෝටි එකහමාරක (ඇමරිකානු ඩොලර් 50000ක) පමණ වටිනා මූල්‍ය ප්‍රදානයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. ලබන මස මුල් සතියේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී මෙම මුදල සම්බන්ධයෙන් අවසන් එකඟතාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා ‘දිනමිණ‘ට පැවැසීය. අවම වශයෙන් රුපියල් කෝටි එකහමාරක (ඇමරිකානු ඩොලර් 50000ක) පමණ මූල්‍ය ප්‍රදානයක් කළ යුතුව ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

එයට අමතරව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ වාර්ෂික කොන්ත්‍රාත් මුදල විශාල වශයෙන් වැඩිකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු අනුමැතිය ලැබී ඇති බවත්, ඉදිරියේදී ඔවුන් දිරි ගැන්වීමට තව තවත් ප්‍රදානයන් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button