Cricket NewsEXCLUSIVE

ටෙස්ට් ක්‍රිකට් තරගවලදී අත් දෙකෙන්ම පන්දු යැවීමට තමන් සූදානම් බව කමිඳු මෙන්ඩිස් පවසයි

ටෙස්ට් ක්‍රිකට් තරගවලදී අත් දෙකෙන්ම පන්දු යැවීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් කමිඳු මෙන්ඩිස් පවසයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී විනයානුකූලව පන්දු යැවීම අත්‍යාවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් ඉදිරියේදී කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය සේවය ලබාදෙන බවත් කමිඳු මෙන්ඩිස් සඳහන් කළේය.

“මම දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දු යැවුවේ දකුණතින්. මට අත් දෙකෙන්ම පන්දු යවන්න පුළුවන්. ඒ නිසා ටෙස්ට් තරගවලදීත් අත් දෙකෙන්ම පන්දු යවන්න මම සූදානම්. පන්දු යැවීමේ අංශය දියුණු කර ගන්න දඟ පන්දු පුහුණුකරු සමඟ වැඩ කරනවා. තවත් බොහෝ දේ දියුණු කර ගත යුතුයි” කමිඳු මෙන්ඩිස් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button