Cricket NewsDomestic CricketEXCLUSIVESchool Cricket

ද්විත්ව ශතකයකින් සහ ශතක තුනකින් හැඩ වූ ඩී.එස්. – මහානාම ‘රන් හටන’ ජය පරාජයෙන් තොරව අවසන් විය

ද්විත්ව ශතකයකින් සහ ශතක තුනකින් අලංකාර වූ, කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති, ඩී.එස්. – මහානාම ‘රන් හටන’ අද (30 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය. පිට පිටම දෙවැනි වතාවටත් ලකුණු රැස්කිරීමට සිදුවූ නමුත් මහානාම ආරම්භක පිතිකරුවෝ දෙදෙනා ඩී.එස්. පන්දු යවන්නන්ට විශිෂ්ට පිළිතුරක් දෙමින් ශතක දෙකකින් තරගය අවසන් කළහ. තරගය අවසන් වන විට මහානාම විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 201 ක් ලබා සිටියේය.

ඩී. එස්. සේනානායක විදුහල – පළමු ඉනිම කඩුලු 4 ට 370 යි
(ගවිරු සෙන්හස් නොදැවී 200, පෙසඳු වීරසිංහ 12, මලින්ත පෙරේරා 118, චෙනුල් පින්සර 11, දහම් නිර්මාල් 17, දුවිඳු රණතුංග 80/2, චාමික හීනටිගල 69/2)

මහානාම විදුහල – පළමු ඉනිම 239 යි
(දුල්නිත් සිගේරා 63, කවිඳු අමමෙත් 14, කූජන පෙරේරා 12, චාමික හීනටිගල 13, රශ්මික පෙරේරා 41, ඉනුක කරන්නාගොඩ නොදැවී 61, එශාන් විතානගේ 11, අක්මාල් ෆස්ලි 77/5, රන්දීශ බණ්ඩාරනායක 45/2)

මහානාම විදුහල – දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 207 යි
(දුල්නිත් සිගේරා නොදැවී 100, කවිඳු අමමෙත් නොදැවී 106)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button