Cricket NewsEXCLUSIVE

දින 1322 කට පසුව කුසල් මෙන්ඩිස් එක්දින ජාත්‍යන්තර ශතකයක් රැස් කරයි ! ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කල වේගවත්ම ශතකය මෙන්ඩිස්ගේ නමට !

හයිද්‍රාබාද්හිදී අද පකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම අත්‍යාවශ්‍ය ජයක් වෙනුවෙන් තරඟ බිමිට පිවිසි අතර තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ තීරණය වූයේ මුලින්ම පන්දුවට පහරදෙන්නටයි.

ඒ අනුව මුලින්ම පන්දුවට පහරදෙන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු නොලබා දැවී යද්දී ජ්‍යේෂ්ඨත්වයේ වගකීම කරටගත් කුසල් මෙන්ඩිස් සිය තෙවැනි එක්දින ශතකය අද පකිස්තානයට එරෙහිව රැස් කිරීමට සමත් විය.

දින 1322 කට පසුව ජාත්‍යන්තර පිටියේදී එක්දින ශතකයක පහස විඳි කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ රැස් කරගත් වේගවත්ම ශතකය තම නම ඉදිරියේ ලියා ගන්නට සමත් විය.

පන්දු 77 ක් පුරාවට ක්‍රියාත්මක වූ කුසල්ගේ ඉනිම කියැවුණේ ලකුණු 122 ක් ලෙසටයි.හතරේ පහර 14කින් හා හයේ පහර 6කින් කුසල් ගේ ඉනිම වර්ණවත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
4
+1
4
+1
11
+1
2
+1
2
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button