Cricket NewsEXCLUSIVE

ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන්නා ලෙස තරඟයට පිවිසි ගාල්ල දෙවැන්නා ලෙසින් LPL හි පළමු වටය නිමා කරයි – ශම්සි,සීක්කුගේ ගෙන් හා ලහිරු කුමාරගෙන් සුපිරි පන්දු යැවීමක් !

මෙවර lanka premier league තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.එහිදී galle titans හා colombo strickers අතර පැවති තරගය කඩුලු 8කින් ජයගනිමින් play offs වටයට පිවිසෙන්නට galle titans කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Galle titans ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දුන් colombo strickers කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 74ක් පමණයි.විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ටබ්‍රේස් ශම්සි කඩුලු හතරක් බිඳහෙලාද්දී සීකුගේ ප්‍රසන්න කඩුළු තුනක් හා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගත් ලහිරු කුමාර පැතුම් නිස්සංකගේ හා බාබර් අසාම්ගේ කඩුලු බිඳහෙළිය.

ඒ අනුව ජයග්‍රහනය සඳහා ලකුණු 75 ක් ඉලක්කයක් හඹාගිය galle titans කණ්ඩායම පන්දුවාර 8කුත් පන්දු 3ක් අවසානයේ දී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ලසිත් කෲස්පුල්ලේ ලකුණු 42 ක් නොදැවී රැස් කළේය. ඒ අනුව පළමු වටයේ අවසන් තරගය කඩුලු 8කින් ජයගත් galle titans කණ්ඩායම මෙවර Play Off වටය වෙත පිවිසෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැන්නා ලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button