Cricket NewsEXCLUSIVEInternational

බංග්ලාදේශය, ශ්‍රි ලංකාව සමග එකට එක කරන්න අද තරගයට එයි..

බංග්ලාදේශය තම නිජබිමේදී විස්සයි20 තරගයක් පරාජයට පත්වූයේ හරියටම වසරකට පසුවය. පසුගිය වසරේ මාර්තු මාසයේ අයර්ලන්තය හමුවේ කඩුලු 7කින් පරාජය වූ බංග්ලාදේශය අනතුරුව බංග්ලාදේශයේ පැවති විස්සයි20 තරග ජයග්‍රහණය කළේය. ඇෆ්ගනිස්තානය හමුවේ බංග්ලාදේශය විස්සයි20 තරග දෙකම ජයගෙන තම මවුබිමේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ අභිමානවත්ව සිටියද ශ්‍රී ලංකාව හමුවේ පරාජය ආරම්භ කළේය.

නිමා වූ පළමු විස්සයි20 තරගයේ අවසන් ඕවර දෙකේදී බංග්ලාදේශය ජයග්‍රහණයට කිට්ටු කළද දසුන් ශානකගේ අත්දැකීම් බහුල පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වී ගියේය. කෙසේ වුවද මතීෂ පතිරණ යැවූ 19 වැනි ඕවරයේදී ලකුණු 15ක් ගැනීමට බංග්ලාදේශය සමත්වීමෙන් තරගය දෙපැත්තට දෝලනය වූවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button