Cricket NewsEXCLUSIVEInternational

මං හිතනවා කණ්ඩායමක් විධියට ගත්තාම අපිට ලොකු සහයෝගයක් ලැබුණෙ නෑ කියලා – මහීෂ් තීක්ෂණ

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ අසාර්ථකත්වයට හේතුව කණ්ඩායම ලෙස ගත් කළ සැලකිය යුතු සහයෝගයක් නොතිබීම යැයි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටයේ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට පසුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.

“ක්‍රීඩා කරපු තරග දෙකේදිම අපිට ඒ තණතිරුවලට අනුව හැඩගැහෙන්න බැරි වුණා. පිතිහරඹයෙදි වුණත් අපේ අතින් ගොඩක් වැරදි වුණා. ‍හුඟක් හොඳ තැන්වල ඉඳලත් අපි ඉක්මනට කඩුලු විසිකරලා පහළට කඩා වැටුණා. පන්දු යැවීමෙනුත් අපිට මේ තරගාවලියෙදි ලොකු දෙයක් කරන්න හම්බුණේ නෑ. ඉතින් මං හිතනවා කණ්ඩායමක් විධියට ගත්තාම අපිට ලොකු සහයෝගයක් ලැබුණෙ නෑ කියලා.”

“හැබැයි මේ තරගාවලියෙදි අපි හොඳින් පන්දු රැක්කා. ලකුණු 100 ක් වුණත්, ලකුණු 70 ක් වුණත් රැකගන්න ලොකු උත්සාහයක් දැරුවා. ක්‍රීඩා කරපු 11 දෙනාම ඒ වෙනුවෙන් ක්‍රීඩාංගණය ඇතුළෙදි හුඟක් මහන්සි වුණා. ඒත් පිතිහරඹයෙදි වෙච්චි දුර්වලතා සහ තණතීරුවලට අනුගත වෙන්න බැරි වුණ එක නිසා තමයි අපිට මේ වගේ පරාජයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණේ.” යැයි තීක්ෂණ පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button