Cricket NewsEXCLUSIVE

“මම හිතනවා මගේ ක්‍රිකට් ජීවිතේ එල්ල කරාට වඩා වැඩි හයේ පහරවල් ගණනක් ජයිස්වාල් මේ ඉනිමේදි එල්ල කරා කියලා” ශ්‍රීමත් ඇලෙස්ටෙයාර් කුක් !

ඊයේ යයස්වි ජයිස්වාල් රාජ්කොට් හිදී එංගලන්තයට අමිහිරි පරාජයක් උරුමකිරීමට අඩිතාලම සකස් කලේ මෙවර තරඟාවලියේ දෙවැනි ද්විත්ව ශතකයට හිමිකම් කියමින්.

වාර්තා පොත් අලුතින් ලියූ ජයිස්වලාගේ ඉනිම වර්ණවත් වූයේ හයේ පහර 12 කින්.එදාමෙදා තුර ටෙස්ට් ඉනිමක අන්තර්ගත වූ වැඩිම හයේ පහරවල් ගණනේ වාර්ථාවෙහි නවතම කොටස්කරුවා වන්නටද ඔහුට හැකිවිය.

එම ඉනිමත් සමඟින් එංගලන්තය බිහිකල විශිෂ්ඨතම ටෙස්ට් පිතිකරුවා වන ශ්‍රීමත් ඇලෙස්ටෙයාර් කුක් ජයිස්වාල්ගේ ඉනිම පිළිබඳව කියා තිබුණේ මෙවැන්නක්.

“මම හිතනවා මගේ ක්‍රිකට් ජීවිතේ එල්ල කරාට වඩා වැඩි හයේ පහරවල් ගණනක් ජයිස්වාල් මේ ඉනිමේදි එල්ල කරා කියලා”

සැබැවින්ම කුක් තම ටෙස්ට් දිවිය පුරාවටම එල්ල කර තිබෙන හයේ පහරවල් ගණන 11 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button