Cricket NewsEXCLUSIVE

මුම්බායි වංකඩේ පිටිය දෙවනත් කල ඩිකොක්ගෙන් වාර්ථා පිට වාර්ථා ! වසර 26 කට පසුව සනත්ගේ වාර්ථාවක් බිඳ වැටෙයි ! ඩිකොක් මෙවර තරඟාවලියේ තම තෙවැනි ශතකයත් රැස් කරයි !

අද බංග්ලාදේශයත් දකුණු අප්‍රිකාවත් එක්දින ලෝක කුසාලනයේ පළමු වටයේ තරඟයක් වෙනුවෙන් මුම්බායි වංකඩේ පිටියේදී මුණ ගැසුනි.

තරඟයේ පළමු ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකානුවන් නියමිත පන්දුවාර 50 අවසානයේදී ලකුණු 382 ක් රැස් කලේ කඩුලු 5 ක් පමණක් වැය කරමින්.

ඉනිමට ඉහළම දායක්ත්වයක් දැක්වූ පිතිකරුවා වූයේ ක්වින්ටන් ඩිකොක්.ඔහු අද පන්දු 140 කදී ලකුණු 174 ක් රැස් කලේ මෙවර ලෝක කුසලානයේ ඉහළම තනි ඉනිම වාර්ථ කරමින්.

වසර 26 කට පසුව අද සනත් ජයසූරියගේ වාර්ථාවක් බිඳ දැමුවේ වංකඩේ පිටියේ වාර්තා කල ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමින්.මීට පෙර 1997 වසරේදී සනත් වංකඩේ හිදී නොදැවී ලකුණු 151 ක් රැස් කල අතර එය වාර්ථා අතරට එක්ව තිබුණේ වංකඩේ හිදී පිතිකරුවෙකු රැස් කල ඉහළම තනි දින ඉනිම ලෙසයි.අද ඩිකොක්ගේ පිතිකරණය හමුවේ බිඳවැටුණේ එම වාර්ථාවයි !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
10
+1
9
+1
14
+1
5
+1
7
+1
9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button