Cricket NewsEXCLUSIVEInternational

චෙන්නායි, හයිද්‍රාබාද් අතර තරගයේ ක්‍රිකට් ඔට්ටු ජාවාරමට උදවු කළ ඉන්දීය පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම්

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර පසුගියදා පැවති අයිපීඑල් තරගය අතරතුරදී අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් 6කට සහයෝගය දැක්වීමේ චෝදනා මත චෙන්නායි එලිෆන්ට් ගේට් පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කරයි.

වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා කමේෂ් අලි නමැත්තකු බවත්, ඔහු නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ විශේෂ පොලිස් කණ්ඩායමක සාමාජිකයකු බවත් කරුණු අනාවරණය වේ. ඔට්ටු ඇල්ලීමේ ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් මාධ්‍යයට සඳහන් කළේය.

චෙන්නායි එලිෆන්ට් ගේට් පොලිසියට මීටර් 500ක් පමණ දුරින් ඇති පෙරුමාල් මුදලි වීදියේ ජංගම දුරකතන උපාංග අලෙවිසලක නීති විරෝධී ඔට්ටු ඇල්ලීමක් සිදුවන බවට ඔත්තුවක් ලැබී ඇති අතර, පොලිසිය එම ස්ථානයේ හදිසි වැටලීමක් කළේය. එහිදී 33 හැවිරිදි වයි. සන්දීප් හා ටී. තිරාජ්, 32 හැවිරිදි ටී. කතේස් හා 41 හැවිරිදි පී. රාජේෂ් කුමාර් යන අය අත්අඩංගුවට ගත්හ. ඔවුන් සතුව තිබූ ඉන්දීය රුපියල් 14,000ක් සහ ජංගම දුරකතන හතරක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ලද තොරතුරු මත පොලිසිය පෙරේදා සවුකාර්පෙට්හි සිටියදී එස්. අන්කිත් ජේන් (32) සහ පී. ජිතෙන්දර් (44) ඉන්දීය රුපියල් 6,250ක් සමඟ අත්අඩංගුවට ගත්හ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button