Cricket NewsEXCLUSIVELPLPremier League

ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි 20 මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ජූලි 1දා ආරම්භවේ.

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ලෙසින් හැඳි­න්වෙන ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තර­ගා­ව­ලිය ජූලි 1 දා මහ­නු­වර හා දඹුල්ල අතර තර­ග­යෙන් පල්ලේ­කැ­ලේදී ආරම්භ වෙයි. කොළඹ ආර්. ප්‍රේම­දාස, රංගිරි දඹුලු හා පල්ලේ­කැලේ ක්‍රීඩාං­ග­ණ­ව­ලදී මෙවර තර­ගා­ව­ලිය පැවැ­ත්වෙන අතර, ජැෆ්නා, ගෝල්ර්ස්, දඹුල්ල, කැන්ඩි සහ කලම්බු කණ්ඩා­යම් පහ තරග බිමට පිවිසේ.

ලෙව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩ­ක­යින් සහ­භාගිවන ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තර­ගා­ව­ලි­යට තරග 24ක් ඇතු­ළ­ත් වන අතර අව­සන් මහා තර­ගය ජූලි 22 දා කොළඹ ආර්. ප්‍රේම­දාස පිටි­යේදී විදුලි ආලෝක ධාරා යටතේ පැවැ­ත්වී­මට නිය­මි­තය.

ලංකා ප්‍රිමි­යර් ලීග් කණ්ඩා­ය­ම්ව­ලට ක්‍රීඩ­ක­යින් තෝරා ගැනීම ක්‍රීඩක වෙන්දේ­සි­යක් හරහා සිදු­ කි­රී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය කට­යුතු යොදා ඇත. ඉන්දීය ප්‍රිමි­යර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී පළමු වරට ක්‍රීඩක වෙන්දේ­සි­ය­කින් ක්‍රීඩ­ක­යින් තෝරා ගැනීම සිදු වූ අතර, ලංකා ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලි­ය ­ක්‍රී­ඩක වෙන්දේ­සි­ය­කින් ක්‍රීඩක තෝරා ගැනී­මක් සිදු කරන දෙවැනි ක්‍රිකට් ලීගය ලෙසින් ඉති­හා­ස­යට එක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button