Cricket NewsEXCLUSIVEInternationalRishie Bro
වසර 3කට පසු ජස්ප්‍රීට් බුම්රාට එරෙහිව ටෙස්ට් පිටියේදී හයේ පහරක් එල්ල කල කොළුගැටයා
2021න් පස්සේ ඒ කියන්නේ හරියටම දැනට අවුරුදු තුනකින් වගේ කාලයක් තුල ජස්ප්රීට් බුම්රාට එරෙහිව ටෙස්ට් පිටියේදී ඔහු යැවූ අවසන් පන්දු 4484ට ඔහුට එරෙහිව කිසිදු හයේ පහරක් එල්ල කරන්නට ලොව කිසිම පිතිකරුවෙක්ට බැරි වෙනවා.
හැබැයි 2005 ඉපදිච්ච ඕස්ට්රේලියාවේ වයස අවුරුදු 19ක පුංචි කොල්ලෙක් අද ඒක කරනවා.
එක හයේ පහරක් නෙමෙයි..!
හයේ පහරවල් දෙකක්..!
ටෙස්ට් තරගයකදී බුම්රාට එරෙහිව හයේ පහරවල් දෙකක් ගහපු ලොව එකම පිතිකරුවා බවට මේ පොඩි කොල්ලා පත් වෙනවා. ඒකත් තමන්ගේ පලවෙනි ටෙස්ට් තරගයේ..!
ඒ විතරක් නෙමෙයි Boxing Day ටෙස්ට් තරගයක අර්ධ ශතකයක් ගහපු ලාබාලතම පිතිකරුවා වෙන්නෙත් Sam !
ලකුණු 60
පන්දු 65
හතරේ පහරවල් 6
හයේ පහරවල් 2
Sam Konstas
| Rishie Bro
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
3
+1
+1
+1