Cricket NewsEXCLUSIVE

වැරදිලා ගත් ශශාන්ක් සිං මෙවර තරඟාවලියේ පංජාබයේ සාර්ථකම පිතිකරුවා බවට පත් වෙයි !

ශශාන්ක් සිං යනු පංජාබ් කලමණාකාරීත්වයට සිදුවූ අතපසුවීමක් හේතුවෙන් ලක්ෂ 20 ක මුලදකට පංජාබයට හිමිවූ ක්‍රීඩකයෙක්.ක්‍රීඩක වෙන්දේසියේදී ශශාන්ක් සිං නම් වෙනත් ක්‍රීඩකයෙකු හා වරදවා වටහා ගැනීමෙන් සිදුවූ මිලදී ගැනීමක් බවටයි එය වාර්ථා අතරට එක්වූයේ.යලි ආපසු එය හරවා ගන්නට අවශ්‍ය වූවත් එය ක්‍රීඩක වෙන්දේසිකරුගේ දැඩි විරෝධය මත ආපසු හරවාගන්නට පංජාබයට හැකිවූයේ නැහැ.එහිදී ඔහුගේ මතය වූයේ “ගත්තා නම් ගත්තා” යන්නයි.

කලමණාකාරීත්වයත් තමන්ගේ අතින් සිදුවූයේ වරදක් නොවන බව ට්විටර් පණිවුඩ ඔස්සේ දිගින් දිගටම කියද්දී ඔවුන් සිදුකලේ වරදක් නොව එය සිදුකල යුතුම දෙය බව පව ලොවටම පෙන්වා දෙන්නට ශශාන්ක්ගේ පිත්තට හැකි විය.

මේ දක්වා තරඟ 9 ක් අවසානයේ පංජාබ් පිතිකරණයේ නියමුවා ඔහුයි.ලකුණු 263 ක් රැස් කරගෙන තිබෙන්නේ 65 ක සාමාන්‍යයක්ද සමගින්.පංජාබ් පිතිකරුවන් අතුරින් ඉහළම ලකුණු ලාභියා වන්නේද ඔහුයි.

ලකුණු 200 ඉක්මවූ හඹායෑම් දෙකකම තරඟ අවසන් කරන්නා බවටද ඔහු පත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button