Cricket NewsEXCLUSIVE

විචාරකයින් පවා මවිතයට පත් කරමින් එංගලන්ත සංචිතයෙන් ඉවතට දැමූ හැරී බෲක්ස් The Hundred පිටිය දෙවනත් කරයි ! මෙවර තරඟාවලියේ වේගවත්ම ශතකය ඔහුගේ නමට !

විචාරකයින් පවා මවිතයට පත් කරමින් එංගලන්ත සංචිතයෙන් ඉවතට දැමූ හැරී බෲක්ස් The Hundred පිටිය දෙවනත් කරයි ! මෙවර තරඟාවලියේ වේගවත්ම ශතකය ඔහුගේ නමට !

Northern Superchargers හා Welsh Fire අතර තරඟයක් ඊයේ ලීඩ්ස් හිදී පැවැති අතර පළමු ඉනිම ක්‍රීඩා කල Northern Superchargers මුල්පෙල පිතිකරුවන් අසාර්ථක වූ පසුබිමක වේගවත් ශතකයක් රැස් කරන්නට යොවුන් ක්‍රීඩක හැරී බෲක් සමත් වූයේ පන්දු 42 කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 105 ක් රැස් කරමිනි.

ඉනිමේ එකදු පිතිකරුවෙකුට හෝ ලකුණු 15 සීමාව පසු කරයන්නට නොහැකි වූ පසුබිමක වාර්ථා වූ බෲක් ගේ ශතකය හතරේපහර 11 කින් හා හයේ පහර 7 කින් වර්ණවත් විය.

කෙසේ නමුත් ප්‍රදීවාදී welsh ක්‍රීඩකයින් තරඟය ජයගන්නට සමත් වූයේ Superchargers ක්‍රීඩකයින් ලබා දුන් ලකුණු 159 ක පහසු ඉලක්කය පසු කර යමින්.

තරඟයේ වීරයා ලෙසින් යොවුන් ක්‍රීඩක හැරී බෲක්ස් සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button