Cricket KnowledgeCricket NewsCricket World CupEXCLUSIVEInternational

විස්සයි20 ලෝක කුසලානය සඳහා වන බංග්ලාදේශ සංචිතය නම් කරයි – නායක්ත්වය ෂැන්ටෝට.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පසුගියදා නිමාවට පත් වූ T20I දේශීය තරඟාවලියේ 4-1ක ජයග්‍රහණයක් මත බංග්ලාදේශය ලබන මාසයේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ඔවුන්ගේ සංචිතය ප්‍රකාශයට පත් කළේය.

වසරක පමණ කාලයකට පසුව නැවතත් විස්සයි20 ක්‍රිකට් පිටියට පිවිසි පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ද සංචිතයට ඇතුළත් අතර ෂකීබ් සිම්බාබ්වේට එරෙහිව බංග්ලාදේශයේ අවසන් විස්සයි20 තරග දෙක සඳහා සංචිතයට නම් කරන ලද අතර සිව්වැනි තරගයේදී කඩුලු 4ක් දවා ගැනීමටද සමත් විය.

බංගලාදේශය ලබන මාසයේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය සහ නේපාලය සමඟ D කාණ්ඩයෙන් තරග වදින අතර, ඔවුන්ගේ පළමු තරඟය ශ්‍රී ලංකාවට එරෙහිව ජුනි 7 දා ඩලාස්හිදී පැවැත්වේ.

බංග්ලාදේශ සංචිතය: Najmul Hossain Shanto (c), Taskin Ahmed, Litton Das, Soumya Sarkar, Tanzid Hasan Tamim, Shakib Al Hasan, Tawhid Hridoy, Mahmudullah Riyad, Jaker Ali Anik, Tanvir Islam, Shak Mahedi Hasan, Rishad Hoizman, Rishad Hoizan, Litton Das, Soumya Sarkar ෂොරිෆුල් ඉස්ලාම්, ටැන්සිම් හසන් සකිබ්. සංචාරක සංචිත: Afif Hossain, Hasan Mahmud

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button