Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අපරාජිතව අවසන් පූර්ව වටයට !

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.ඒසුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ පැවැති 14 වැනි තරගයෙන් උගන්ඩාව පරදා ලකුණු 67 ක ජයක් ශ්‍රී ලංකාව වාර්තා කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල කඩුලු 4 ක් දැවී ලකුණු 154 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.සාර්ථක ඉනිමක් දියත් කල විශ්මි ගුණරත්න ලකුණු 73 ක් නොදැවී රැස් කල අතර පන්දු යැවීමේදී උගන්ඩාව වෙනුවෙන් Janet Mbabazi හා Rita Musamali අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

ජයග්‍රහණය සඳහා ලකුණු 155 ක් හඹා ගිය උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 87 ක් පමණයි.පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා පිල වෙනුවෙන් ඉනෝකා රනවීර,ශශිනුඉ ගිම්හානි හා කවීශා දිල්හාරි අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනම ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූ අතර, මූලික වටය යටතේ ඔවුන් ක්‍රීඩා කරන අවසන් තරගය එළඹෙන 3 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button