Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කොදෙව්වන් හමුවේ කඩුලු 3 කින් පරදිති ! දිනුර කළුපහණගෙන් තරඟ 4 කදී අර්ධ ශතක 3 ක් !

සුපිරි 6 දෙනාගේ වටය අරඹමින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් ඊයේ කොදෙව්වන් හමුවේ තරඟ වැදුණි.

එහිදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කොදෙව්වන් හමුවේ කඩුලු 3 ක පරාජයක් ලැබීය.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සියළු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 231 ක් පමණයි.

පන්දුවාර 49 කුත් පන්දු 3 ක් අවසානයේදී එම ඉලක්කය පසුකරයන්නට කොදෙව් යොවුන් ක්‍රීඩකයින් සමත් වූ අතර ඒ අනුව තරඟය කඩුලු 3කින් ජයගන්නට කොදෙව්වන් සමත් විය.

ශ්‍රී ලංකා පිතිකරු ඉනිමට යලිත් දිනුර කළුපහණගේ උර මතට වැටෙද්දී ඔහු මෙවර තරඟාවලියේ රැස් කල තෙවැනි අර්ධශතකයද රැස් කිරීමට ඊයේ සමත්වූයේ ලකුණු 53 ක් රැස් කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button