Cricket NewsEXCLUSIVEInternational

ඉන්දිය සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට අයි.සී.සී යෙන් තරවටු කරයි.

අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ එංගලන්තයට එරෙහිව හයිද්‍රාබාද්හිදී පැවති පළමු තරගයේදී අයිසීසී චර්යාධර්ම සංග්‍රහය කඩ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට නිල තරවටුවක් ලබා දී තිබේ.

බුම්රාගේ විනය වාර්තාවට එක් අඩුපාඩුවක් එකතු කර ඇති අතර, එය මාස 24ක කාලයක් තුළ සිදු වූ පළමු වරද විය.
එංගලන්ත දෙවැනි ඉනිමේ 81 වැනි ඕවරයේදී බුම්රා, එංගලන්ත පිතිකරු ඕලී පෝප් ලකුණක් කරා දුව යද්දී ගමන්ගත් මාර්ගය හිතාමතාම අවහිර කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් විය.

අයිසීසී තරග තීරක රිචී රිචඩ්සන් ඉදිරියේ බුම්රා එම වරද පිළිගෙන ඇති හෙයින් විධිමත් විභාගයක් අවශ්‍ය නොවීය.1 වන මට්ටම කඩකිරීම් සඳහා නිල තරවටු කිරීමක අවම දඬුවමක් ලැබෙන අතර, අනතුරුව ක්‍රීඩකයෙකුගේ තරග ගාස්තුවෙන් සියයට 50ක උපරිම දඩයක් සහ අවාසි ලකුණු එකක් හෝ දෙකක් දරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button