Cricket NewsEXCLUSIVEInternational

සත්කාරකයන් වීමෙ වාසියෙන් 2026 විස්සයි20 ලෝක කුසලානයට සිංහයන් නිතරගයෙන්ම සුදුසුකම් ලබයි

වසර 14 කට පසුව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක් සඳහා සත්කාරය දැරීමේ අවස්ථාව තවත් වසර දෙකකින් පසුව ශ්‍රී ලංකාවට උදාවනු ඇත. මීළඟ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වසර 2026 දී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එහි සම සත්කාරකයන් ලෙසින් තෝරාගනු ලැබ ඇත.  

වසර 2012 දී ශ්‍රී ලංකාව තනිවම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දැරූ නමුත් මෙවර එය ඉන්දියාව සමගින් එය බෙදාගැනීමට සිදුවී තිබේ.

සම සත්කාරකයන් වන බැවින් ලෝක කුසලාන තරගාවලියක් සංවිධායන කිරීම සඳහා  අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් හිමිවන මූල්‍යාධාර ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවටත් බෙදී යයි. කෙසේ වෙතත් මෙම සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාවට හිමිවන විශාලතම වාසිය වන්නේ සුදුසුකම් තේරීමේ වටයකින් තොරව, එක එල්ලේම ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවීමයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගය පමණක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය හමුවේ පරාජය විය. නේපාලයට එරෙහිව පැවැති තරගය වර්ෂාවට සේදී ගිය බැවින් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට වීසි වී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද (19 වැනිදා) පෙරළා සියරට පැමිණියේය.

2026 තරගාවලිය සඳහා රටවල් 20 ක් සහභාගි වන අතර ඒවායින් රටවල් 12 ක් දැනටමත් තේරී සිටිති. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සත්කාරකයන් වීමේ පදනම මත 2026 තරගාවලියට සුදුසුකම් ලබති. 2024 තරගාවලියේදී සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් ද (ඉන්දියාවත් ඇතුළත්ව) 2026 තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගනු ඇත. එවිට ශ්‍රී ලංකාවත් සමගින් කණ්ඩායම් 9 ක් සිටිති.

2024 තරගාවලියේ සුපිරි 8 දෙනාට සුදුසුකම් ලබා නොගත් නමුත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්තය (6 වැනි ස්ථානය), පාකිස්තානය (7 වැනි ස්ථානය) සහ අයර්ලන්තය (11 වැනි ස්ථානය) 2026 තරගාවලියට සුදුසුකම් ලබා සිටිති. එවිට කණ්ඩායම් 12 කි.
2026 දී ප්‍රධාන තරගාවලියට සහභාගි වන සෙසු කණ්ඩායම් 8 සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකින් පසුව තෝරා ගැනේ.

පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවලදී වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර තිබිණ. එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නිසා අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ හි අන්තර්ජාතික සාමාජිකත්වය අත්හිටුවන ලදි. එහි අනුයාත ප්‍රතිඵලය වූයේ 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත්කර දකුණු අප්‍රිකාවට ගෙන යාමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
7
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button