Cricket NewsEXCLUSIVE

සත්කාරක බංග්ලාදේශයෙන් ලැබුනු අගනා සත්කාරය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7 ක පරාජයක් !

බංග්ලාදේශ ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියේ දෙවැනි තරඟය අද සිල්හෙට් හිදී නිමාව දුටුවේ සත්කාරක බංග්ලාදේශයට කඩුලු 7 ක පහසු ජයක් උරුම කරමින්.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශයේ ඇරයුමෙන් සිල්හෙට් තරණතීරුවේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 20 නිමා කලේ කඩුලු 5ක් දැවී ලකුණු 165 ක් රැස් කරමින්.

සුපුරුදු පරිදි බංග්ලාදේශයට එරෙහිව ක්‍රියාත්මක වූ මෙන්ඩිස්ගේ පිත්ත වේගවත් ලකුණු 36 ක් එක් කරද්දී කමිඳු මෙන්ඩිස්ගෙන්ද ලකුණු පුවරුවට ලකුණු 37 ක දායකත්වයක් එක්විය.ඉනිමට වේගවත් අවසානයක් ගෙන දුන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 32 ක් රැස් කලේය.

ලකුණු 166 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගි. බංග්ලාදේශය පන්දුවාර 18 කුත් එක් පන්දුවක් අවසානයේදී ලකුනු 172 ක් රැස් කරමින් එම ඉලක්කය පසුකරගියේ කඩුලු 7 ක්ද අතැතිවයි.

නායකත්වයේ ඉනිමක් දියත් කල ශාන්ටෝ ලකුණු 53 ක් නොදැවී රැස් කලේය

ඒ අනුවතරඟය බංග්ලාදේශය කඩුලු 7 කින් ජයගැනීමත් සමඟින් තරඟාවලිය 1-1 ක් ලෙසින් සමව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button