සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ කළමනාකාරීත්වය හෙන්රිච් ක්ලාසන්ට රු. ලක්ෂ 289ක රන්මාලයක් තෑගි දෙයි
අයිපීඑල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව නොදැවී ලකුණු 80ක් ලබා ගත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ කළමනාකාරීත්වය හෙන්රිච් ක්ලාසන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 80ක් වටිනා රන් මාලයක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 289ක්) තිළිණ කරයි.
අයිපීඑල් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ කණ්ඩායම බවට පත්වූ සන්රයිසස් හයිද්‍රාබාද් පිල මේ තරගයේදී කඩුලු 3කට ලකුණු 277ක් ලබාගත් අතර, හෙන්රිච් ක්ලාසන් පන්දු 34කදී හයේ පහර 7ක් හා හතරේ පහර 4ක් එල්ල කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 31කින් ජයගත් අතර, තරගයෙන් අනතුරුව ජයග්‍රහණය සමරා ක්‍රීඩා විවේකාගාරයේදී උත්සවයක් පවත්වා ඇත. මෙහිදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක හෙන්රිච් ක්ලාසන්ට සන්රයිසස් හයිද්‍රාබාද් ලාංඡනය සහිත රන් මාලය පලඳා ඇති අතර, එම වීඩීයෝව සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.