Cricket NewsEXCLUSIVEInternationalUnder-19Woman Cricket

අවු­රුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකා-එංග­ලන්ත ගැටුම අද

අවු­රුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තර­ගා­ව­ලියේ තෙවැනි විස්සයි20 තර­ගය අද (30) පෙර­වරු 10.00ට සත්කා­රක ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ එංග­ලන්ත කණ්ඩා­යම අතර හම්බ­න්තොට මහින්ද රාජ­පක්ෂ ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

අද තර­ගය දෙපි­ල­ටම තීර­ණා­ත්මක වී ඇති අතර, ඒ මේ දෙපි­ලම ඔස්ට්‍රේ­ලි­යාව පරා­ජය කර­මින් එක් ජය­ග්‍ර­හ­ණය බැගින් ලබා සිටින හෙයිනි.

මේ තර­ගා­ව­ලි­යේදී එක් කණ්ඩා­ය­මක් තරග 4ක් ක්‍රීඩා කළ යුතු අතර, අන­තු­රුව කණ්ඩා­යම් 3 අතර එක්දින තර­ගා­ව­ලි­යක් පැවැත්වේ. මේ තර­ගා­වලි ද්විත්වය අව­සා­නයේ ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගන්නා කණ්ඩා­ය­මට ශූර­තාව හිමි­වනු ඇත.

මේ අතර තර­ගා­ව­ලියේ දෙවැනි තර­ගය ලෙස ඊයේ එංග­ල­න්ත­යට එරෙ­හිව පැවති තර­ග­යෙන් ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රීඩි­කාවෝ ලකුණු 35කින් පරා­ජ­යට පත් වූහ.

එම තර­ගයේ කාසියේ වාසිය දිනා පළ­මුව පන්දු­වට පහ­ර­දුන් එංග­ලන්ත ක්‍රීඩි­කාවෝ ඕවර 19.3කදී සිය­ල්ලන් දැවී ලකුණු 146ක් රැස් කළ අතර, පිළි­තුරු ලෙස ඔස්ට්‍රේ­ලි­යා­වට ඕවර 20 අව­සා­නයේ කඩුලු 5ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 111ක් පමණි.

ඔස්ට්‍රේ­ලි­යානු පිළි­තුරු ඉනිමේ ලකුණු පුව­රුව ක්‍රියා­ත්මක වීම­ටත් පෙර පළමු ඕව­ර­යෙන්ම පිති­කා­රි­නි­යන් දෙදෙ­නකු පිටි­යෙන් ඉවත් කිරී­මට ඇලෙක්සා ස්ටෝන්හ­වුස් සමත් වූ අතර, මුළු ලකුණු 50ක් වන විට තවත් කඩුලු 3ක් අහිමි කිරී­මට සොෆියා ස්මේල් සමත් වූවාය. 6 වැනි කඩු­ල්ලට එක් වූ එලි­නෝර් ලාරෝසා සහ හස්රත් ගිල් පන්දු 42කින් ලකුණු 61ක නොබි­ඳුණු සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟුව ද කණ්ඩා­යමේ ජය­ග්‍ර­හ­ණ­යට එය ප්‍රමා­ණ­වත් නොවිණි. ගිල් ලකුණු 40ක් සහ ලාරෝසා ලකුණු 41ක් රැස් කළහ.

පළ­මුව පන්දු­වට පහ­ර­දුන් එංග­ලන්ත පිල වෙනු­වෙන් නාය­ක­ත්වයේ ඉනි­මක් ක්‍රීඩා කළ ජෝසි ග්‍රෝව්ස් මේ තර­ගා­ව­ලියේ පළමු අර්ධ ශත­ක­ලා­භි­නිය බවට පත් වූයේ පන්දු 41කින් ලකුණු 57ක් රැස් කර­මිනි. ජෝඩි ගෲකොක් ලකුණු 31ක් රැස් කළ අතර, සෙසු පිති­කා­රි­නි­යන්ට ලකුණු 10 සීමාව පසු කිරී­මට නොහැකි විය. පන්දු යැවී­මේදී හස්රත් ගිල් කඩුලු 4ක්, සියෙනා ඒවා කඩුලු 3ක් සහ ලුසී හැමි­ල්ටන් කඩුලු 2ක් දවා ගත්හ.

මේ තර­ගා­ව­ලි­යට හෙට (31) විවේක දින­යකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button