Cricket NewsEXCLUSIVEIPL

19 හැවිරිදි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ Chennai Super Kings කණ්ඩායම සමග පුහුණුවීම් අරඹයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි.

මෙවර තරඟාවලිය ආරම්බයේදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකු කණ්ඩායම් 5ක් විසින් මිලදී ගනු ලැබුවා. ඒ වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ශන, චාමික කරුණාරත්න සහ භානුක රාජපක්ෂයි.

එමෙන්ම තරඟාවලිය අතරමැද Chennai Super Kings කණ්ඩායමේ Adam Milne අභාදයකට ලක් වීම හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලිය නියෝජනය කිරීමේ වරම් හිමිවුණා.

ඒ අනුව පසුගිය දා මතීෂ පතිරණ ඉන්දියාව බලා ගොස් Chennai Super Kings කණ්ඩායම හා එක් වූ අතර සිය නිරෝධායන කාල සිමාව අවසන් කරමින් ඔහු ඊයේ පුහුණුවීම් ආරම්භ කළා.

මතීෂ පතිරණ පුහුණුවීම් වල නියැලෙමින් පන්දු යවන අකාරය දැක්වෙන වීඩියෝවක් සිය නිල සමාජ මාධ්‍ය පිටු වල පල කිරීමට Chennai Super Kings කණ්ඩායම කටයුතු කර තිබු අතර එහිදී ඔවුන් සඳහන් කර තිබුනේ “Slinging into the action for the very first time in Yellove” ලෙසයි.

එම සුවිශේෂී වීඩියෝව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button