Cricket GossipCricket NewsEXCLUSIVEIPL

රශීඩ් ඛාන් පන්දු යවන ආකාරය සහ කඩුලු සැමරීම සිදු කරන ආකාරය පුහුණුවීම් අතරතුර හර්දික් පාණ්ඩ්‍යා රඟ දක්වා පෙන්වයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි.

මේ වන විට තරඟාවලියේ පැවැත්වීමට නියමිත තරඟ වලින් අඩකටත් වඩා අවසන් වී පවතිනවා.

කෙසේ නමුත් ලොව පුරා නම් දැරෑ ක්‍රිඩකයන් රැසක් ක්‍රිඩා කරන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟවෙලිය රස කතා මවන තැනක් වී අවසන්.

එකම රටවල ක්‍රිඩකයන් වෙන වෙනම කණ්ඩායම් වලට බෙදී ක්‍රිඩා කරන මෙම අපුරු ක්‍රිකට් සැණකෙළිය ක්‍රිඩකයන් අතර ඉතා ඉහල සබඳතාවයක් නිතැතින්ම තනා දෙනවා.

ඒ හා සම්බන්දව අපට වාර්තා වූ අපුරු පුවතකුයි මේ…

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට අලුතින්ම එක් වූ කණ්ඩායමක් වන Gujarat Titans කණ්ඩායම මේ වන විටත් IPL තරගාවලියේ සිය ආධිපත්‍යය පතුරා අවසන්. එනම් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ද ප්‍රථම ස්ථානයේ පසු වන්නේ Gujarat Titans කණ්ඩායමයි.

Gujarat Titans කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යා විසින් දරන අතර එහි ප්‍රධාන දඟ පන්දු යවන්නා වන්නේ ඇෆ්ගනිස්තානය ක්‍රිඩක රශීඩ් ඛාන්.

තරඟයට පෙර පැවති පුහුණුවීම් අතරතුර රශිඩ් ඛාන් පන්දු යවන ආකාරය සහ කඩුලු සැමරීම සිදු කරන ආකාරය නායක හර්දික් පාණ්ඩ්‍යා විසින් අනුකරණය කර පෙන්වන සමාජ මාධ්‍ය සටහනක් මේ වන විට ඉන්දීය මාධ්‍ය නිකුත් කර තිබෙනවා.

එම අපූරු වීඩියොව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button