Cricket NewsEXCLUSIVEIPL

19 හැවිරිදි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතිෂ පතිරණ Chennai Super Kings වෙනුවෙන් අද IPL වරම් හිමි කර ගනී.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 62වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Gujarat Titans අතර තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.

එහි දී Chennai Super Kings වෙනුවෙන් තවමත් 19 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතිෂ පතිරණ අද දිනයේ දී IPL වරම් හිමිකර ගැනීමට සමත් වුණා.

පසුගිය යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ලසිත් මාලිංග පන්දු යවන ආකාරයට ඉතා සමාන ආකාරයට පන්දු යවන මතිෂ කෙරෙහි Chennai Super Kings කළමනාකාරිත්වය මෙවැනි ලෝකයේ ඉහලම ලිග් තරඟාවලියකදී පවා විශ්වාසය තැබීම පිළිබඳව සැබවින්ම ප්‍රශංසා කල යුතුය.

එමෙන්ම තවමත් අන්තර්ජාතික ක්‍රිකට් වරම් මතිෂ හිමිකරගෙන නොමැති අතර එසේ IPL ක්‍රීඩා කරන පළමු ශ්‍රී ලාංකිකයා බවට ද මතිෂ පත් වුනා.

ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන් ලෙස මතිෂ පතිරණට SixCricket අපෙන් සුභ පැතුම්.

ඒ වෙනුවෙන් Chennai Super Kings නිල සමාජ මාධ්‍ය පිටුව තැබූ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7