Cricket NewsEXCLUSIVEIPL

“BABY Malinga” ලෙසින් ඉන්දීය ප්‍රේක්ෂකයන් හඳුන්වන මතිෂ පතිරණගෙන් ප්‍රභල Gujarat Titans එරෙහිව සුපිරි පන්දු යැවීමක්.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 62වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Gujarat Titans අතර පැවති තරඟයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Gujarat Titans කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය හිමිකරගත් Chennai Super Kings කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

එහි දී Chennai Super Kings වෙනුවෙන් තවමත් 19 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතිෂ පතිරණ IPL වරම් හිමිකර ගැනීමට සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 133ක් පමණයි.

ඒ අනුව ලකුණු 134ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Gujarat Titans කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර යාමට සමත් වුනා.

කෙසේ නමුත් මෙහිදී Chennai Super Kings වෙනුවෙන් IPL වරම් හිමි කරගත් මතිෂ පතිරණ සුපිරි පන්දු යැවීමක නිරත වුයේ සිය පන්දුවාර 3.1 තුල Gujarat Titans ඉදිරිපෙළ කඩුලු 2ක් බිඳ හෙළමිනි.

මතිෂ පතිරණගේ එම සුපිරි පන්දු යැවීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button