Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු ගැටුම අද චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 2.00ට චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. රාමලාන් උලෙළ ආරම්භවීමත් සමඟ විශාලතම මුස්ලිම් බැතිමතුන් පිරිසක් සිටින බංග්ලාදේශයේදී මේ එක්දින තරගාවලිය ආරම්භවීම විශේෂත්වයකි.

බංග්ලාදේශයට එරෙහිව විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජයගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ එක්දින තරගාවලියේ පළමු තරගයට සාර්ථකව මුහුණදීමේ අපේක්ෂාවෙන් පිටියට පිවිසේ. බංග්ලාදේශයේදී ඇෆ්ගනිස්තානය හා නවසීලන්තය හමුවේ පිට පිට තරගාවලි පරාජ 2ක් පරාජයවී සිටින හෙයින් තම නිජ බිමේදී තුන්වැනි අඛණ්ඩ තරගාවලි පරාජයෙන් බේරී සිටීම බංග්ලාදේශයේ ප්‍රධාන අරමුණවී තිබේ.

චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය 2006දී එක්දින තරගයකට ක්‍රීඩා කොට ඇති අතර, එහිදී ශ්‍රී ලංකා පිල ලකුණු 78ක ජයක් වාර්තා කළේය. මෙතෙක් දෙරට අතර එක්දින තරග 54ක් පවත්වා එයින් ශ්‍රී ලංකාව තරග 42ක් හා බංග්ලාදේශය තරග 10ක් ජයගෙන තරග 2ක් විසදුමකින් තොරව අවසන්වී තිබේ.

දඟ පන්දු යවන්නන්ට වඩාත් උචිත චැටෝග්‍රෑම් තණතිල්ලේ වේග පන්දු යවන්නන් රාත්‍රී කාලයේ ආලෝක තත්ත්වය යටතේ වාසි ලබාගෙන ඇත. මේ ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරග පහෙන් හතරක්ම මුලින් පන්දුවට පහරදුන් කණ්ඩායම් ජයගෙන ඇත. එබැවින් කාසියේ වාසිය දිනූ කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට පෙළැඹේ.

බංග්ලාදේශය පසුගිය වසරේදී සහභාගිවූ එක්දින තරග 32න් එකොළහක් පමණක් ජයග්‍රහණය කර ඇති බැවින්, ගෙවීගිය එක්දින තරග වාර්තා එතරම් යහපත් තත්ත්වයකට පත්ව නැත. එහෙත් ශ්‍රී ලංකා පිල 2023 වසරේ සිට මෙතෙක් සහභාගී වූ තරග 37න් 21ක් ජයග්‍රහණය කර වඩා හොඳ තත්ත්වයක සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button