Cricket NewsEXCLUSIVE

කහ සහ නිල් වර්ණයෙන් හැඩ ගැන්වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ නිළ ලෝක කුසලාන ජර්සිය එළි දක්වයි.!

මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සති කිහිපයක් පමණයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරයන් ලෙස ජයග්‍රාහි මානසිකත්වයෙන් ප්‍රවිෂ්ට වනවා.

කෙසේ නමුත් විස්සයි-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට මෙවරද සිදුව තිබෙන අතර එය වාසියක් බවට පෙරළා ගනිමින් සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයෙන් තරඟාවලිය අරඹා ලෝක කුසලානය ජයග්රහණය කළ ක්‍රිකට් ඉතිහාසයේ එකම කණ්ඩායම බවට පත්වීමේ අධිෂ්ඨානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ බිමට පිවිසෙනු ඇත.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා හෙට දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලියේදී පළඳින නිළ ජර්සියක් මීට සුළු මොහොතකට පෙර නිළ වශයෙන් එළිදක්වනු ලැබුවා.

ඒ අනුව මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පහත ජර්සියෙන් සැරසී ක්‍රිඩා කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button