Cricket NewsEXCLUSIVELegends Series

කොදෙව් Legends කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම Legends ලෝක ශුරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගනී.!

දෙවන වරටත් ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් රටවල් 8ක සහභාගිත්වයෙන් ආරම්භ වූ Road Safety World Series තරඟාවලියේ සිය අපරාජිතත්වය දිගින් දිගටම රඳවා ගත් ශ්‍රී ලංකා Legends කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් Legends කණ්ඩායම පරාජය කරමින් අඛණ්ඩව දෙවන වරටත් Legends ලෝක ශුරතාවලියේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමක් වුනා.

තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා Legends කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා Legends පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 172ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු ඉශාන් ජයරත්න ලකුණු 31ක් රැස් කළ අතර සනත් ජයසූරිය ලකුණු 26ක් සහ ජීවන් මෙන්ඩිස් ලකුණු 25ක් රැස් කළා.

පන්දු යැවීමේදි Krishmar සහ Devendra කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 173ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටායට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක්.දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 158ක් පමණයි.

කොදෙව් දේශය වෙනුවෙන් සුපිරි සටන්කාමී ඉණිමක් දියත් කල Narsingh පන්දු 39ක්.ුල වේගවත් ලකුණු 63ක් රැස් කළා.

පන්දු යැවීමේදි සනත් ජයසූරිය සහ නුවන් කුලසේකර කඩුලු දෙක බැගින් බිඳහෙලුවා.

ඒ අනුව මෙවර Road Safety World Series තරඟාවලියේ අවසන් මහා තරඟය ඉන්දියන් legends සහ ශ්‍රී ලංකා Legends කණ්ඩායම අතර හෙට රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ශ්‍රී ලංකා Legends කණ්ඩායමට ලකුණු 14ක ජයක් හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7