Cricket NewsEXCLUSIVE

2023 ආසියානු කුසලාන තරඟාවලියේ සැළසුම් ප්‍රකාශයට පත් කෙරේ – වර්තමාන ආසියානු ශුර ශ්‍රී ලංකාව B ඛාණ්ඩයට.!

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මසදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබේ.

ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් බැවින් එය ඉලක්ක කොට මෙවර ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

වර්තමාන ආසියානු ශූරයින් බවට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ‘B’ කාණ්ඩය යටතේ තරග වදින අතර, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තනය එම ඛණ්ඩයේ සෙසු රටවල් වනවා. ආසියානු කුසලාන තරගාවලිය කණ්ඩායම් 6 කගෙන් සමන්විත පැවැත්වෙන අතර ඉන්දියාව, පාකිස්තානය සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ජයග්‍රාහකයින් ‘A’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක අයිතිය පවතින්නේ පාකිස්තානයට වුවත්, එහි ගොස් තරග කිරීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා තරගාවලිය පවත්වනු ලබන රට පිළිබඳව තීරණයක් ගැනීමට නොහැකිව ආසියානු ක්‍රිකට් බලධාරීහු අසරණවී සිටිති.

තරගාවලියේ දින වකවානු තින්දු වුවත් පැවැත්වෙන රට තවමත් ආසියානු කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර නොමැතිවීම විශේෂත්වයකි. පාකිස්තානයත් ඉන්දියාවත් අතර පවතින කඹ ඇදිල්ල මෙම තත්ත්වයට ආසන්නතම හේතුව වී තිබේ.

මොවුන් දෙපිරිස අතර ආරවුල කෙතරම් දුර දිග ගියේද කිවහොත්, එවකට පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වූ රමීස් රාජා විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට විරෝධය පළ කරමින් සඳහන් කර සිටියේ ඉන්දියානු පිල පාකිස්තානයට නොපැමි‌ණෙන්නේ නම් පාකිස්තානු පිලද ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට නොයන බවයි. එහෙත් මේ වනවිට පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නජම් සෙති පත්ව සිටින බැවින් එකී තත්ත්වය යම් තරමක් හෝ දුරට සමනය වනු ඇතැයි ක්‍රිකට් විචාරකයන් මත පළ කරයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button