Cricket NewsEXCLUSIVE

ඉන්දියාවට එරෙහිව විස්සයි-20 පිටියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට දසුන් ශානක පත් වෙයි.!

සංචාරක ඉන්දියා කණ්ඩායම සහ සත්කාරක ඉන්දියා කණ්ඩායම අතර පැවති තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ තීරණාත්මක තෙවන තරඟය ලකුණු 91කින් ජයග්‍රහණය කරමින් 2-1ක් ලෙස 2023 වසරේ ප්‍රථම තරඟාවලිය ජයග්‍රාහිව ආරම්භ කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුනා.

කෙසේ නමුත් මෙම තරඟාවලියේ සාර්ථකම ශ්‍රී ලංකා පිතිකරුවා වුයේ ශ්‍රී ලංකා නායක දසුන් ශානකයි. 2021 වසරේ සිට ඉන්දීය පන්දු යවන්නන් අන්ත අසරණ කරමින් පන්දුවට පහර දෙන දසුන් ශානක මෙම තරඟාවලියේ ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ වැඩිම හයේ පහරවල් රැස් කල පිතිකරුවා බවට පත් වීමට සමත් වුණා.

ඒ අනුව දසුන් ශානක ඉන්දියාවට එරෙහිව එල්ල කර ඇති හයේ පහර ගණන 29ක්, හයේ පහර 28ක් එල්ල කර සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Evin Lewis මෙහි දෙවන ස්ථානයේත්, හයේ පහර 28ක් සමග Glenn Maxwell මෙහි තෙවන ස්ථානයේ ද හයේ පහර 27ක් සමගින් Kieron Pollard මෙහි සිව් වන ස්ථානයේ ද පසු වනවා.

එසේම ඉන්දියාවට එරෙහිව ද්විපාර්ශ්වික තරගමාලාවන් හීදි වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් වාර්තා කල පිතිකරුවා බවට පත් වන්නටද දසුන් ශානක සමත් මෙම තරඟාවලිය තුල සමත්ව තිබෙනවා.

– විශේෂ ස්තුතිය – Thurunu Jayasiri සහ Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button