Cricket NewsEXCLUSIVE

විරාට් කෝලිව ලකුණු 0කට ක්‍රිඩාගාරයට හරවා යවමින් 21 හැවිරිදි ඩිල්ශාන් මදුශංක යොමු කළ සුපිරි පන්දුව.!

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟයක් අද ශ්‍රී ලංකාව සමඟ ආරම්භ වූවා. අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ ඉන්දීය කණ්ඩායමේ ඉදිරි ගමන මෙම වටයෙන් අවසාන වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම නොනිළ වශයෙන් අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගනු ඇත.

තීරණාත්මක තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කඩුලු දෙකක් ඉක්මනින්ම බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ නැවතත් සිය සුපුරුදු රිද්මය සොයාගත් ඉන්දීය හිටපු නායක විරාට් කෝලිව ලකුණු 0කට නැවතත් ක්‍රිඩාගාරයට හරවා යැවීමට 21 හැවිරිදි ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රිඩකය ඩිල්ශාන් මදුශංක සමත් වුනා.

විරාට් කෝලිගෙ දැවී යාම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button