Cricket NewsEXCLUSIVELegends Series

TM ඩිල්ෂාන් නායකත්වය දරන Sri Lanka Legends කණ්ඩායමේ නිළ සංකේතය නිවේදනය කෙරේ.!

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භවීමට තිබු තරඟාවලිය විවිද හේතුන් මත කල් ගිය අතර මේ වන විට පැවැත්වෙන දිනය තහවුරු කර තිබෙනවා.

මෙවර තරගාවලියට කණ්ඩායම් 8ක් ඉදිරිපත් වන අතර ඒ Sri Lanka Legends, India Legends, South Africa Legends, Australia Legends, England Legends, Bangladesh Legends, New Zealand Legends සහ West Indies Legends යන කණ්ඩායම්ය.

මේ අතර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඇරඹෙන Road Safety Legends ලෝක ශූරතාවලිය සඳහා වන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ වන විට ඉන්දියාවේ සිටිනවා.

මේ අතර අද දිනයේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නිළ සංකේතය (Mascot) ඔහුව නම්කර ඇත්තේ ලියෝ ලෙසයි. එය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7