Cricket NewsEXCLUSIVEOn This Day

සනත්, මහානාම සහ අරවින්දගේ විශිෂ්ඨ ඉනිම් සමඟින් එදා මෙදා තුර වාර්ථා කල ඉහළම ලකුණු පුවරුව ඉන්දියාවට එරෙහිව වාර්ථා කර වසර 25 ක්.!

වසර 25 කට පෙර අදවන් දිනකදී එදා මෙදා තුර බිහිවූ ඉහළම ලකුණු පුවට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම නිර්මාණය කලේය.1997 අගෝස්තු මස 2 වැනිදා තරඟ දෙකකින් යුත් ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ආරම්භ විය.කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක සචින් තෙන්ඩුල්කා ආර්.ප්‍රේමදාස තණතීරුව පිතිකරුවන්ට දැක්වූ සහයෙන් ප්‍රයෝජන ගැනීමේ අටියෙන් මුලින්ම පන්දුවට පහරදෙන්නට තීරණය කර සිටියේය.

තෙන්ඩුල්කාර්ගේ තීරණය කෙතරම් දුරට සාර්ථකද යන්න පෙන්නුම් කරමින් ඉන්දීය පළමු පිතිකරුවන් පස්දෙනාගෙන් හතරදෙනෙකුම ලකුණු 50 සීමාව ඉක්මවා ගියේය.රාහුල් ඩ්‍රාවිඩ් ලකුණු 69 කට දැවී යද්දී නව්ජෝට් සිධු,සචින් තෙන්ඩුල්කාර් හා මොහොමඩ් අසුර්ඩීන්ගේ පිත්තෙන් ශතක ලියැවී තිබුණි.ඉන්දීය පළමු ඉනිම කඩුලු 8 ක් දැවී ලකුණු 537 ක් ලෙසින් දිස්විය.8 වැනි කඩුල්ල ලෙසින් අබේ කුරුවිල්ලා දැවී යද්දී ඉන්දීය නායක සචින් සිය පළමු ඉනිම අත්හිටුවන්නට තීරණය කලේය.

නව්ජෝට් සිධු ලකුණු 111 ක් නායක සචින් තෙන්ඩුල්කාර් ලකුණු 143 ක් හා මොහොමඩ් අසුර්ඩීන් ලකුණු 126 ක් රැස් කලේය.පන්දු යැවීමේදී සනත් ජයසූරිය ලකුණු 45 කට කඩුලු තුනක් බිඳ හෙළූ අතර රවීන්ද්‍ර පුශ්පකුමාර හා මුත්තයියා මුරලිදරන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

දෙවන දිනයේ අවසන් සැසියේදී සිය පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් ලකුනු 26 ක් ලබාසිටි මාවන් අතපත්තු නිලේෂ් කුල්කානි විසින් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු පන්දුවෙන්ම දවාගත්තේය.අතපත්තු දැවීයාමෙන් පසුව දෙවන දිනය සඳහ තරඟය්නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 39 ක් රැස් කරගෙන සිටි අතර සනත් ජයසූරිය නොදැවී ලකුණු 12 ක් රැස් කරගෙන සිටියේය.

තරඟයේ තෙවැනි දිනය ඇරඹෙද්දී රොශාන් මහානාම නොම්බර තුන පිතිකරුවා ලෙසින් පිටියට පිවිසියේ ඉතිහාසය අලුත් කිරීමට වග කිසිවෙකු දැනසිටියේ නැත.තෙවන දිනය අවසන් වන විට සනත් ජයසූරිය ලකුණු 175 ක් හා රොශාන් මහානාම ලකුණු 115 ක් නොදැවී රැස් කරගෙන සිටියේය.එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවන් යුගලක් සම්පූර්ණ දිනයක් කඩුල්ලේ නොදැවී ක්‍රීඩාකල 12 වැනි අවස්ථාවද වූවා.තෙවන දිනය සාර්ථකව ශ්‍රී ලංකා කණ්ඩායම නිමා කලේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 322ක් ලබා ගනිමින්.

සිව්වන දිනයේදීද තෙවැනි දිනයේ මෙන් ඉන්දීය පන්දු යවන්නන්ට හිස එසවීමට ඉඩ ලබානොදුන් ජයසූරිය හා මහානායමයන් සිව්වන දිනය අවසන් කලේ එක් කඩුල්ලක් දැවී ලකුණු 587 ක් ලකුණු පුවරුවේ සටහන් ව තිබියදීය.වාර්ථා රැසක් අලුත් කල සනත්ගේ ඉනිම වාර්ථා වූයේ පළමු ත්‍රිත්ව ශතක ලාභී ලාංකිකයා ලෙසටයි.රොශාන් මහානාම ද විශිෂ්ඨ ද්විත්වශතකයක් වාර්ථා කලේය.

පස්වැනි දිනය ඇරඹෙද්දී පුරා දින දෙකක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජයසූරිය මහානාම දෙදෙනා තවත් ලකුණු 28 ක් ලකුණු පුවරුවට එක් කලේය.මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 615 ක්ව තිබියදී රොශාන් මහානාම අනිල් කුම්බ්ලේ යොමුකල පන්දුවක් ඉදිරියේ කඩුල්ල මුවා කිරීමේ වරද හේතුවෙන් දැවී ගියේය.මහානාමයන් දැවී යනවිට ජයසූරිය සමඟින් ලකුණු 576 ක සබඳතාවයක් ගොඩනගා තිබුණු අතර ඕනෑම කඩුල්ලක් සඳහා ටෙස්ට් පිටියේ ගොඩනැගූ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්ථා විය.එම වාර්ථාව 2006 වසරේදී කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් බිඳ දැමුවේය.

ලකුණු 340 ක් රැස් කල ජයසූරියගේ ඉනිම පන්දු 578 ක් පුරාවට ක්‍රියාත්මක විය.හතරේ පහර 36 ක් හා හයේ පහර 2 කින් වර්ණවත් වූ සනත්ගේ ඉනිමට තිත තියන්නට චෞහාන් සමත් විය.

ඉන්අන්තුරුව අරවින්ද ද සිල්වා සමඟින් පිටියේ එක්වූ නායක අර්ජුණ රණතුංග සිව්වැනි කඩුල්ලට ලකුණු 155ක සබඳතාවයක් එක් කලේය.ලකුණු 86 ක් ලබාසිටි නායක රණතුංග දුවද්දි දැවීයාමකට හසුකරන්නට අජේ ජඩේජා සමත් විය.ඉන් අන්තුරුව තම මංගල ටෙස්ට් තරඟයේදී නොම්බර 6 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි මහේල ජයවර්ධන අරවින්දද සිල්වා සමඟින් එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 131 ක් එක් කලේය.මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 921 ක් වද්දි යොවුන් පිතිකරු මහේල ලකුණු 66 කට දැවී ගියේ සව්රව් ගංගුලි යොමුකල පන්දුවකට කුල්කානි අතට උඩපන්දුවක් ලබාදෙමිනි.

එක් අන්තයක රැඳෙමින් අගනා ශතකයකින් ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කල අරාගේ ඉනිම ලකුණු 126 කට සීමා කරන්නට යලිත් ක්‍රියාත්මක වූ ගංගුලි සමත් විය.ලකුණු පුවරුව ලකුණු 924 ක් ලෙස සටහන්ව තිබියදී ඔහුගේ ඉනිම නිමා වූ අතර කඩුලු 6 ක් දැවී ගොස් ලකුණු 952 ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවන්නට ශ්‍රී ලංකා නායක අර්ජුණ රණතුංග තීරණය කලේය.ඉනිම අත්හිටුවන විට නොදැවී ක්‍රීඩා කල කඩුලු රකින ක්‍රීඩක රොමේෂ් කලුවිතාරණ ලකුණු 14 ක් හා චමින්ද වාස් ලකුණු 11 ක් රැස් කරගෙන සිටියේය.

වාර්ථා රැසක් අලුත්කල තරඟයක් එසේ ජයපරාජයෙන් තොරව අවසන් වද්දී පිත්තෙන් ත්‍රිත්ව ශතකයක් හා පන්දුවෙන් කඩුලු තුනක් දඩයම් කල සනත් ජයසූරිය තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7