Cricket NewsEXCLUSIVEInternational

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ක්‍රිකට් වංශකතාව අලුතින් ලියවීමේ වගකීම 26 හැවරිදි Nicholas Pooranට.!

 

දෙවරක් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය මෙන්ම දෙවරක් විස්සයි විස්ස ලෝක කුසලානය ජයගත් ක්‍රිකට් ලොව පතාක යෝධයින් බිහිකල කොදෙව් ක්‍රිකට් වංශකතාවේ තවත් අලුත් එක් පරිච්ඡේදයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් සීමිත පන්දුවාර කණ්ඩාම මෙහෙයවීමේ වගකීම 26 හැවරිදි කඩුලු රකින පිතිකරු නිකලස් පූරන් හට පවරන්නට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය අද තීරණය කලේය.

හිටපු නායක කිරන් පොලාඩ් ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟින් කොදෙව් එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් වල නායකත්වයේ පුරප්පාඩුවක් ඇති විය.

ඒ සඳහා කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය දීර්ඝ කාලීන සැලැස්මක් උදෙසා මාන බැලුවේ වසර ගණනාවකට පෙර කොදෙව් දේශය සතුවූ ප්‍රතාපවත් ක්‍රිකට් වංශකතාව යලිත් ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණෙනි.

ඒත් සමඟින් කොදෙව් ක්‍රිකට් වංශකතාවේ 12 වැනි විස්සයි විස්ස නායකයා මෙන්ම 30 වැනි එක්දින නායකයා බවට යොවුන් ක්‍රීඩක නිකලස් පූරන් අද පත් විය.

පූරන් හට මේ වසරේදී විශාල ඉලක්ක කිහිපයක් සපුරාලීමට වනු ඇත. ඒ මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ය.එක්දින කණ්ඩායමේ උපනායකත්වයට ශායි හෝප් පත් කර ඇති අතර විස්සයි විස්ස උප නායකයා ඉදිරියේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමට නියමිත බව කොදෙව් ක්‍රිකට් අධ්‍යක්ෂ ජිමී ඇඩම්ස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button